සඳ පෙම් යහනින් - වසන්තයේ දවසක් (1979)
- මාධව විජේසේකර
- Jun 20, 2017
- 2 min read




සඳ පෙම් යහනින් පායා වී
අපටයි ඇරැයුම් රෑ යාමේ... නෙතු කඳුළේ පිනි වැටුණේ හද පැතුමේ යාත්‍රාවේ පෙම් වතුරේ පැද ආවේ... තරු එළියේ අප තනි වී සෙනෙහෙ ගඟේ ආශාවේ ඉවුරු බිඳී මා පාවේ...
මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ හඬ සහ ලතා වල්පොල මහත්මියගේ හඬ, ඉතාමත් අනුරාගි ලෙස යොදාගත් අවස්ථාවක් ලෙස මේ ගීතය අපිට හඳුනාගන්නට හැකියි. ස්වර විචලනයන් සහිත ගීතයක්. රහසින් කොඳුරනවා වගේ ඇහෙන්නේ.
වසන්තයේ දවසක් චිත්‍රපටියේ මේ ගීතය ඇතුළත් වුණ දර්ශනය මට හොඳට මතකයි. රවින්ද්‍ර රන්දෙණිය මහතාත් මාලනී ෆොන්සේකා මහත්මියත් රාත්‍රී කාලයේ ඔරුවක් පැදගෙන යන දර්ශනයක් තිබුණේ. ලෝකය ම නිදා ගත් රැයක අන් අයට නොඇසෙන සේ පෙම් යුවළක් තම ආදරය ප්‍රකාශ කරන්නට ප්‍රේමසිරි කේමදාසයන්ගේ තනුවත් ධර්මසිරි ගමගේ ශූරීන්ගේ සුමට පදවැලත් මහෝපකාරි වෙලා තියෙනවා. දේදුන්නෙන් එන සමනලුනේ කියන ගීතයේ එන ප්‍රබල හඬ දෙකම මේ අවස්ථාවේ දී සුමට ලෙස යොදා ගැනීම කෙතරම් අපූරුද ?
වසන්තයේ දවසක් චිත්‍රපටිය ගැන සැකෙවින් :
තිරගත වූ දිනය – 1979 ජුනි 29
ඉදිරිපත් කිරීම – නැෂනල් ෆිල්ම් කොම්බයින්
නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය - ටී. අර්ජුන
නිෂ්පාදන සහාය - සිරිසේන විජේකෝන්
කතාව, තිර රචනය සහ දෙබස් - කුමාර කරුණාරත්න
අධ්‍යක්‍ෂණ සහාය - අයි. එන්. හේවාවසම්
කැමරා අධ්‍යක්‍ෂණය - සුමිත්ත අමරසිංහ
සංස්කරණය – එල්මෝ හැලිඩේ
වේශ නිරූපණය - රෙජී ද සිල්වා, ඩෙරික් සිල්වා
කලා අධ්‍යක්‍ෂණය - හේමපාල ධර්මසේන
නාමාවලිය - හේමචන්ද්‍ර පෙරේරා
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර කටයුතු - එස්, තිරනාවුකරසු
නිශ්චල ඡායාරූප – චාමිං පෙරේරා
සංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ගීත –
මාලගිරා ගෙල මාල පොටක් – ටී. එම්. ජයරත්න, ලතා වල්පොල
දේදුන්නෙන් එන සමනලුනේ - සනත් නන්දසිරි, ලතා වල්පොල
සඳ පෙම් පහනින් රෑයාමේ – ටී. එම්. ජයරත්න, ලතා වල්පොල
හීංසැරේ ඔබ ආවා - ඩබ්ලිව්. ඩී. අමරදේව, සුනේත්‍රා සරච්චන්ද්‍ර
කුජිත ගුදං රජකුල වංසේ - ටී. එම්. ජයරත්න සහ පිරිස
නළු නිළියන් –
රවීන්ද්‍ර රන්දෙණිය (වසන්ත)
මාලිනී ෆොන්සේකා (මාලා)
ජයසේකර අෆොන්සු (සරත්)
ශි‍්‍රයානි ෆොන්සේකා (බිසෝ)
ජෝ අබේවික්‍රම (සමන්තැන්න ආරච්චිල)
රත්නාවලී කැකුණවෙල (මැණිකේ)
සෝමලතා සුබසිංහ (මාලාගේ මව)
චන්ද්‍රා කළුආරච්චි (කඩකාරිය)
එස්. ඒ. ජේමිස් (වසන්තගේ පියා)
සීතා කුමාරි (වසන්තගේ මව)
සොමී රත්නායක (වසන්තගේ මිත්‍රයා)
විමල් කුමාර් ද කොස්තා
ටී. එම්. ජයරත්න
සුනේත්‍රා සරච්චන්ද්‍ර
ලැටීෂියා පීරිස්
විල්සන් කරුණාරත්න
නීලවතුර විජේවර්ධන
ආනන්ද ෆොන්සේකා
බොනිපස් ප්‍රනාන්දු
ඒ. ජේ. ද.සොයිසා
ලෙනින් වික්‍රම
ධාවය කාලය – පැය 01 විනාඩි 50
මංගල දර්ශනය – චිත්‍රපට සංස්ථාවේ සභාපති ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
ප්‍රදර්ශනය – මැජස්ටික්, ක්‍රවුන්, මානෙල් - දෙමටගොඩ, ඕඩියන් – ගල්කිස්ස, නිව් මෙට්රෝ - නුගේගොඩ, වෙම්බ්ලි - මහනුවර ඇතුළු 5 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – ක්‍රවුන්, මානෙල්, දින 40, මැජස්ටික් හි දින 45, වෙම්බ්ලි හි දින 54 වශයෙනි.
Comments