තනි තරුවේ
- මාධව විජේසේකර
- Dec 9, 2017
- 1 min read


තනිතරුවේ.........තනි තරුවේ...... ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා...// නෙතඟ නෙතඟ පැටලි පැටලි මුවඟ මුවඟ ඇලලි ඇලලි...// මෙතෙක් දුරක් එක් වී පැමිණී... තනිතරුවේ.........තනි තරුවේ...... ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා... මහඳ අරනෙ ලතැවි ලතැවි රැදෙනු බැරිව ඉගිලි ඉගිලි...// මගෙන් ඉවත බැඳිලා සැනසී... තනිතරුවේ.........තනි තරුවේ...... ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා.. තනිතරුවේ.................///
මේ ගීතය බිහිවුණ හැටි ආචාර්ය වික්ටර් රත්නායකයන් මෙසේ කියනවා.
‘තනිතරුවේ’ ගීතය බිහි වුණේ එක්දහස් නවසිය හැත්තෑපහ අවුරුද්දේ. අපි ‘ස’ ප්‍රසංගය සඳහා ත්‍රිකුණාමලේ ගියා. අපිට ජෙනරල් සුනිල් තෙන්නකෝන් මහතා ත්‍රිකුණාමල යුද හමුදා කඳවුරේ රෑ කෑම දුන්නා. කෑමට පෙර අපි සතුටු සාමිචියේ හිටියේ. ප්‍රේම් පේන්න හිටියේ නැහැ. එකපාරටම ප්‍රේමකීර්ති මුහුදු වෙරළේ ඉඳගෙන ‘තනි තරුවේ’ කියලා මහ හයියෙන් කෑගැහුවා. ඔහු කිව්වා ලියන්න පුළුවන් කොලේකුයි පෑනකුයි අරගෙන එන්න කියලා. විජිත කොළයකුයි පෑනකුයි අරගෙන ගියා. ’ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා.’ ඒ වෙලාවේ ලිව්වේ එච්චරයි. පහුව දා උදේ තමයි ගීතය සම්පූර්ණ කරලා දුන්නේ.
Comentários