top of page
Search

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා

  • මාධව විජේසේකර
  • Mar 12, 2018
  • 1 min read

හඬ : ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්

පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන

තනුව : මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා

කවුළුව අතරින් හිරිකඩ එනවා මල්පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩ මණ්ඩිය වෙත කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහළු වියේ මා දැන් මහළු වියේ පාරට බැස්සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩී එකම කුඩය යට අර යුවලක් යන හැඩ මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳහැටි මතකයි මී විතකින් ගත උණුසුම් වූව ද සිත උණුසුම් වේදෝ එපා එපා මී විත මගෙ දෙතොළට එපා එපා මී විත මගෙ දෙතොළට ආපසු මගෙ කුටියට යනවා මා ආපසු යනවා කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහළු වියේ මා දැන් මහළු වියේ


පණ්ඩිත් අමරදේවයන් ගැයූ මේ ගීතය, රචනා කලේ ප්‍රවිණ ගී පද රචක කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් විසින්. මේ ගීතය සඳහා මූලික ප්‍රස්තුතය එන්නේ, ධර්මවර්ධනයන් විසින් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ තරගයක් සඳහා රචනා කල කෙටිකතාවකින්. එහි නම "මහළුවිය".


ඊට අමතරව තවත් අපූරු සිද්ධියකුත් මෙයට හේතුවෙලා තියෙනවා. දිනක් ධර්මවර්ධනයන් පේරාදෙණිය දුම්රිය ස්ථානයේ සිටින මොහොතක සිරිපොද වැස්සක් කඩා වැටෙනවා. එම අවස්ථාවේ දී මහළු පුද්ගලයෙකුත් දුම්රිය ස්ථානයේ බංකුවක ඉඳගෙන ඉඳලා සිටිනවා. ඒ මොහොතෙම තරුණ යුවලක් කුඩයක් යටින් දුම්රිය ස්ථානය මැදින් ගමන් කර තිබෙනවා. මේ යුවල දුටු අර මහළු පුද්ගලයා හුන් තැනින් නැගිට ඒ යුවල නොපෙනී යනතුරුම බලා සිට නැවත ඉඳගන්නවා. මේ සංසිද්ධිය පසෙකට වී බලා සිටි කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් ඒ සිද්ධිය එලෙසම ගීතයට යොදාගෙන ඇති අයුරු පදමාලාව දෙස බැලුවාම පෙනෙනවා නේද?

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page