යසෝදරා වේවා
- මාධව විජේසේකර
- Jun 20, 2017
- 1 min read



යසෝදරා වේවා...
ඔබ යසෝදරා වේවා...// එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා... අඬ දබරා වියවුල් මෙන් සහනය දෙවනා කම්පා වන කලැ උරතල මත හිස සතපවනා මා ජීවත්වනතුරු මගෙ තනිනොතනිය මකනා ලෙව් තලැ ඔබ පමණකි මා දුටු දෙව් අඟනා....
අපේ බෞද්ධ සාහිත්‍යයේ එන උත්තම කාන්තා චරිතය වන යසෝදරාව ගැන උපමා කරමින් රචනා වුණ මේ සංවේදී ගීතය සමස්ත කුල කාන්තාවන්ට ම උපහාරයක්. ආචාර්ය වික්ටර් රත්නායකයන් ගයන මේ ගීතයේ තනු නිර්මාණය කලේ ඔහුගේ ම බාල සහෝදරයා වන සෝමපාල රත්නායකයන්. එතුමා අද අපේ රටේ සිටින ප්‍රවීණම චෙලෝ වාදකයෙක්.
1978-79 වකවානුවේ දී නිර්මාණය වූ මෙහි අතිශය සංවේදී කතාවක් තියෙනවා. සෝමපාල මහත්මයා විවාහ වී සිටියේ මේරි මාග‍්‍රට් මායාදුන්නේ මහත්මිය සමග. ඇය ව එතුමාට මුණ ගැසී තිබුණේ රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්නා අතරේ දී. ඇය කතෝලික බැතිමතියක්. විවාහ වී දරුවන් ලැබුණු පසු ටික කාලයක දී ඇය තම දරුවන් සමග මාරවිල ප්‍රදේශයේ තම මවගේ නිවසේ පදිංචි වෙලා සිටියා. සංගීත වැඩකටයුතු නිසා සෝමපාල රත්නායකයන් වික්ටර් රත්නායකයන්ගේ නිවසේ නතර වී සිටියා. ගීතය පටිගත කර එතුමා තම බිරිඳව බැලීමට මාරවිල නිවසට ගිය පසු ඇය දෙස බලා "අද මම ලස්සන සිංදුවක් හදලා රෙකෝඩ් කලා. වික්ටර් අයියා කිව්වේ. මම ඒ සිංදුව හැදුවේ ඔයා ගැන හිතලා. වික්ටර් අයියා කියන්න ඇත්තෙත් චිත්‍රා අක්කා ගැන හිතලා වෙන්න ඇති." ඒ අවස්ථාව සෝමපාල මහතාටත්, මේරි මහත්මියටත් අතිශය සංවේදී අවස්ථාවක් වූවා.
コメント