ඔබ මා හමු වූ අවසන් දිනේ
- මාධව විජේසේකර
- May 14, 2017
- 1 min read



ඔබ මා හමු වූ අවසන් දිනේ තාම මා සිතේ රැඳී තියේ කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ
ආදරේක වේදනා දැනේ කොතරම් දවසක් මා ඉන්නදො මේ වගේ දුකක් සිතේ දරා සුළඟේ සැඟවී මා යන්නදො මාගේ ප්‍රියා වී සොයා...
මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා මට හොරා වගේ මගේ සිත කොහේ ගියා මාව හැරදමා මසිත ඔබ සොයා ගියා අඩ අඳුරේ සිත වැළපේ සිහිවී ඔබේ ආදරේ...
වාලුකා තලේ සිත දිය බිඳක් වගේ ඈත සිතිජයේ ඔබේ රූ මැවී පෙනේ මාසිතේ පුරා සුමුදු සිසිලසක් දැනේ ඔබ සොයා දුවන් එන්න මට නැතේ පිනේ අඩ අඳුරේ සිත වැළපේ සිහිවී ඔබේ ආදරේ..
මේ ගීතය නිර්මාණය වුණේ 1982 වසරේ දී. ෆෝචූන්ස් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයෙක් ලෙස කටයුතු කරමින් ගායකයෙක් ලෙසත් කීර්ති පැස්කුවල් මහතා කටයුතු කරමින් සිටි අවධියයි ඒ. මේ කාලයේ දී පටිගත කිරීමක් අවසානයේ දී වාදක මණ්ඩලයේ සියළුම දෙනා එකතුවෙලා එතුමා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරලා දෙනවා.
දවසක් කොළඹ බොරැල්ලේ පිහිටි ජෝ-නෙත් ශබ්දාගාරයේ එවැනි පටිගත කිරීමක් අවසානයේ එවකට සංගීත කණ්ඩායමේ කීබෝර්ඩ් වාදන ශිල්පියා ලෙස කටයුතු කල රූකාන්ත ගුණතිලකයන්ට එම කටයුත්ත බාර වෙලයි තිබුණේ. ෆෝචූන්ස් කණ්ඩායමට ශබ්දාගාරය ලැබී තිබුණේ, රාත්‍රී 10 වන තෙක් පමණයි. ශබ්දාගාරය භාරව හිටියේ පියතුමෙක්. එහි ශබ්ද පරිපාලකව සිටියේ ඩොනල්ඩ් අයිවන් මහතා. රූකාන්තයන් පියතුමා වෙත ගොස් කාරණාව පවසා තවත් පැයකට කාලය ලබා දෙන මෙන් ඉල්ලා සිටිවිට පියතුමාගෙන් ඒ සඳහා අවසරය ලැබුණා. ඉන්පසු ඩොනල්ඩ් අයිවන් මහතා ලවා ගීතය රචනා කර සංගීතවත් කර ගීතය පටිගත කලා.
Comments