top of page
Search

සකුරා මල් පිපිලා

  • මාධව විජේසේකර
  • Jun 25, 2017
  • 2 min read

හඬ සහ තනුව : විශාරද නන්දා මාලනී

පද : මහාචාර්ය සුනිල් ආරියරත්න

සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ නිදි මත නැතිවී හිරු පායා ඇත උමතු වෙසින් මහ රෑ යාමේ

මින් රළ වෙරළේ සක්මණ් කළ සඳ පා සටහන් ඇත වැලි තලයේ නාග පිඹුරු රුදු සිංහ වලස් කැළ ඉගිලෙති නටමින් උඩු ගුවනේ සකුරා මල්...

යන එන සෙල්ලම් රිය පෙළ අතරින් පාසල් යනවිට බෝනික්කෝ අකුරු උගන්වති කූඹි සිසුන් හට වයසක ගුරුවර සූටික්කෝ සකුරා මල්...

සුදම් සභාවේ අරගලයක් වී අහසින් කොටසක් කඩා වැටී වියපත් සඳවත ගේ දොර නැතිවී හැරමිටි සරණින් බලා සිටී

සකුරා මල්...

නන්දා මාලිනී මහත්මිය ගායනා කරන මේ ගීතය ඇසෙන විට එයින් කියවෙන්නේ විකාරරූපී සිදුවීම් පෙළක් යැයි ඕනෑම කෙනෙකුට සිතෙන දෙයක්. ගීතයෙන් කියවෙන සිදුවීම් පුදුමාකාර වුවත් පද ගැලපීම හා සංගීතය අතින් ගීතය සිත බැඳ ගන්නවා. ගීතය රචනා කරලා තියෙන්නෙ සුපුරුදු පරිදිම නන්දා මලිනියන් හට ගීත වැඩිම ප්‍රමාණයක් රචනා කළ සුනිල් ආරියරත්න මහතායි. විශේෂත්වයක් වන්නේ ගීතය එතුමන්ගේ පළමුගීත රචනාව වීමයි. එයට පෙර ඔහු නාට්‍ය සඳහා ගීත රචනා කර තිබුනත් මෙය ඔහුගේ පළමු ප්‍රසිද්ධ ගීත රචනාව ලෙස ජනතාව අතරට ගියා.


මෙම ගීතය 1971 කැරැල්ලට උත්තේජනයක් සැපයු බවද පැවසෙනවා. එම හේතුව නිසාම එකල ගීතය සඳහා වාරණයන් එල්ල වුණා. සුනිල් ආරියරත්න මහතා පවසන පරිදි මේ ගීතය එකල පැවති ඒකාකාරී ගීත සම්ප්‍රදායට එරෙහිව විප්ලවීය ස්වභාවයක් මතු කිරීම සඳහා ලියන ලද්දක්. ඔහු මෙය හඳුන්වාදෙන්නේ උමතු තරුණියක දුටු විකාර රූපි සිහිනයක් විදිහට.


”ඒකාකාරී ගීත රැල්ලකින් රසිකයන් හෙම්බත්ව සිටි කාලයක් ඒ කාලය. මට හිතුණ මේ ඒකාකාරීත්වයට එරෙහිව ගීතයක් ලියන්න. විකාර රූපී අත්දැකීමකින් කැරලිකාර විප්ලවීය ස්වභාවයක් මතු කරන්න මට හිතුණා. මොකද ඒ කාලේ මම ඒ වගේ නාට්‍ය කෘති කියවලා තිබුණ නිසා.


ඒ විදිහට මේ ගීතය මා හඳුන්වා දුන්නේ උමතු තරුණියක දුටු විකාර රූපි සිහිනයක් විදිහට.

ගුවන් විදුලියේ ජනපි‍්‍රය ගායිකාවක්ව උන් නන්දා මාලිනියට මෙය ලබාදුන්නම ඇය සංගීත නිර්මාණය කරලා මෙය ගායනා කළා. හිතුවටත් වඩා මේ ගීතය ජනපි‍්‍රය වුණා.


ගීත රචකයෙක් විදිහට මා මුල්වරට රසිකයින් අතර කතාබහට ලක්වුණේ මේ ගීතයෙන්. ඒත් අවාසනාවකට වගේ මේ ගීතය ගුවන් විදුලියේදී වාරණයටත් ලක්වුණා. මේ ගීතයට විවේචන, චෝදනා බොහොමයක් ම ලැබුණා. ඒත් ඒ සියල්ලටම මා මුහුණ දුන්නා."

Σχόλια


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page