සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ



සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියෑසි කැළක් කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක් වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරුමල් පිපුණලු අහස් ගැබේ දේවදූතයොත් හඬා වැටෙනවා පෙම්මල් ඉහිරුණු පාර දිගේ යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය කළියුගයේ ඇත පහළවෙලා අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා
මේ ගීතය ලියූ අශෝක කෝවිලගේ මහතා මෙහෙම පවසනවා.
"මම මේ පද මාලාව ලියුවේ විශාරද මාලිනී බුලත්සිංහල වෙනුවෙන්මයි. ගීය ලියූ කාලයේ මා ඈ හඳුනන්නේ නැහැ. ඒත් දවසක් ගංගාරමයේදී මම ඈ හමු වුණා. ගීතයක් දෙන්නද කියලා මම ඇහුවා. හා දෙන්න." ඈ කීවා. ඒ මම ඈ සමග කතා කළ පළමු අවස්‌ථාව. මම ඒ වෙලාවේම මේ ගීය ඇයට ලියලා දුන්නා. හෑන්ඩ් බෑග් එකට ගිය ලියූ කොල කැබැල්ල දමාගත් ඇය යන්න ගියා. පසුදා පණිවිඩයක් එවා තිබුණා." අර ළමයාගේ ගීතය මම ගායනා කරනවා. ඒ නිසා පැහැදිලිව ආයෙත් පදමාලාව ලියලා එවන්න කියලා."






































Comments