top of page
Search

අංඟනාවෝ

  • මාධව විජේසේකර
  • Jun 25, 2017
  • 1 min read

පද, තනුව සහ හඬ : රූකාන්ත ගුණතිලක

අංඟනාවෝ... ගීතේ ලීවා තාලේ දැමුවා... සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා ...

අංඟනාවෝ රුපිකාවෝ... රැඟුමන් රැගුවා මට අම මි පෙව්වා... ඉන්නේ ඔබෙ ලෝකේ දැන් ඉන්නේ මන් ඔබගේ ලෝකේ...

මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ

කියන්නේ මේ කතන්දරේ... නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ ඔයාගේ ආදරේ...//

රුපිකාවෝ රැගුමන් රගුවා මට අම මි පෙව්වා... සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අංඟනාවෝ...

සීත සීත සීත රෑක පාට පාට තාරුකාව මම කඩා ගෙනත් දෙමි නගේ... ඔය සීනු සීනු මල් හිනාව දේව දුන්නේ පාට ගැව ආදෙරේ මටයි නගේ...//

අංඟනාවෝ...

රූකාන්ත ගුණතිලකයන්ගේ අපි අදටත් ඇලුම් කරන ගීතයක්. ඔහුගේ වාග්ගේයකාර බවට තවත් උදාහරණයක් මේක. ගීතය ලියවුණු ආකාරය ඇත්තටම ගී පද රචනාවේ මුල් පදවල තියෙනවා. දවසක් පාන්දර යාමයක සිහිනෙන් වගේ රූකාන්තයන්ට මේ අදහස ආවා. ඒ වෙලේම නැගිටලා ගිටාර් එක ළඟට ගිහින් මේ ගීතයේ තනුව නිර්මාණය කරන ගමන් පද මාලාව රචනා වුණා. සේරම වැඩ ඉවර වෙනකොට පාන්දර 4:30 ට 5ට විතර ඇති.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page