top of page
Search

සුවඳ දැනී දැනී ‍දැනෙනවා - සප්ත කන්‍යා (1993)

  • මාධව විජේසේකර
  • Jun 24, 2017
  • 1 min read

හඬ : රූකාන්ත ගුණතිලක

පද : ආචාර්ය අජන්තා රණසිංහ

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

සුවඳ දැනී දැනී ‍දැනෙනවා උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ හිතට ගලනවා හීත බිඳු ‍බිඳු හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්

සුවඳ දැනී දැනී ‍දැනෙනවා

ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට තුරුලු වෙනවා ජීවිතේ සුන්දරද මෙතරම් සුවද දැනී දැනී ‍දැනෙනවා රෑන රෑන එන පාට පාට සමනළයෝ පේන පේන මල සිපගන්නෝ ආදරේ ඔච්ච‍ම් කර කර හංකිති කවනා ආදරේ... ‍බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා ආයෙ හෙට දවසක් තියේවි අද ‍‍වාගේ ජීවිතේ සුන්දර ද මෙතරම්

සුවඳ දැනි...

සප්ත කන්‍යා චිත්‍රපටියේ ඇතුළත් වූ මේ ගීතයට අපි එදා මෙන් ම අදත් ආදරෙයි. එක්තරා දවසක රූකාන්ත ගුණතිලකයන්ට උදේ දුරකතන ඇමතුමක් එනවා. එතකොට ඔහු හිටියේ කෑගල්ලේ. ඇමතුම එන්නේ රෝහණ වීරසිංහයන්ගෙන්. "අද හවස voicing එකක් තියෙනවා. එන්න පුළුවන් ද?" කියලා එතුමා අහනවා. එන්නම් කියලා පිළිතුරු දෙන රූකාන්තයන් හවස කොළඹ පටිගත කිරීමට ආවාම මේ පද රචනාව අඩංගු කොලය ලැබෙනවා. දන්න අත් අකුරු තියෙන්නේ. ශබ්දාගාරයේ පටිගත කරන කොට එතුමා දකිනවා අත් අකුරුවල හිමිකාරයා. ඒ ආචාර්ය අජන්තා රණසිංහයන්. ඊට අමතරව තවත් කෙනෙක් දකිනවා. එච්. ඩී. ප්‍රේමරත්නයන්. එතකොට තමයි එතුමාට තේරෙන්නේ මේක චිත්‍රපට ගීතයක් කියලා.


ගීතය කොච්චර සාර්ථක ද කියනවා නම්, ඒ වෙනුවෙන් අජන්තා රණසින්හ මහතාට 1994 වසරේ හොඳම ගීත රචනය සඳහා වන සරසවි සම්මානයද හිමි වුණා. මෙම ගීතයේ සහ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ රෝහණ වීරසිංහ මහතා 1994 වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා වන ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබුවා. එපමණක් ද නොව රූකාන්ත ගුණතිලක මහතා වසරේ හොඳම පසුබිම් ගායනය සඳහා වූ සම්මානයද හොඳම ගායකයාට හිමි සරසවි සම්මානයද දිනා ගත්තා.


ගීතයේ පදවැල කොච්චර ලස්සන ද කියනවා නම්, "ජීවිතේ සුන්දර ද කෙතරම්" කියන වචනටික ත්‍රීරෝද වල පිටිපස්සේ රුවන් වැකියක් ලෙසත් දකින්නට ලැබුණා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page