top of page
Search

දවසක් දා... හැන්දැවක

  • මාධව විජේසේකර
  • Jun 24, 2017
  • 1 min read

පද, තනුව සහ හඬ : රූකාන්ත ගුණතිලක

දවසක් දා... හැන්දැවක පොතක් බලන්...නට සිතුනා හිතුවෙත් නෑ... ඒ ජාමෙට ඔබව මතක්...වෙයි කියලා

ඈ මගේ ගතේ හැගුමන් පෙලා ඈ මගෙ සිතේ සක්මන් කලා මා දිහා බලා සුසුමන් සලා ආදරෙයි කියා නොකියා ගියා කිය පොතේ ලියවී... තිබු..නා රේනූ රේනූ මල් මිටේ රේනූ ඈට පෙම් කරන්න මට බෑ ලු රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලු රොන් පිරී සැලෙන්න මල් රේ..නූ සද වත දො මා දුටුවේ ඔබෙ ගත දො මා දුටුවේ සිතුවම් දො මා දුටුවේ හැබැහින් දො ඔබ දුටුවේ

කවදත් නොමැරෙන මේ ගීතයේ පූර්ණ අයිතිය රූකාන්ත ගුණතිලක මහතාට අයිතියි. ඔහු වාග්ගේයකාරයෙක් කියලා හඳුන්වන්නට මෙය හොඳම උදාහරණයක්. තවත් ගීත ඔහු රචනා කරලා තියෙනවා. ඉතින් 1985 වසරේ දී ඔහු ස්විට්සර්ලන්තයේ සංගීත කණ්ඩායමක කටයුතු කරනවා. එක්තරා නිවාඩු දවසක ඔහුගේ මිතුරන් ටිකක් ඈත පළාතකට ගිහින්. ඔහු පමණයි කාමරයේ හිටියේ. එදා හැන්ඳෑවේ ඔහුගේ ඇඳ මත පොතක් තිබෙනවා දැක්කා ම ඒ පොත දිහා බලන්නට හිතුණා.


පොත දිහා බලනකොට ම මේ ගීතයේ මුල්වචන ටික ඔහුට හිතට නැගුණා. ඒ වෙලාවේ ඔහුගේ අතේ සංගීත භාණ්ඩයක් තිබුණේ නැහැ. ඔහු වහාම සංගීත කාමරයට දුවගෙන ගිහින්, උපකරණ ක්‍රියාත්මක කරලා රෙකෝර්ඩරයක් ළඟින් තියාගෙන තනුව නිර්මාණය කරනවා. ගීතයේ කොටසක් නිර්මාණය කරලා ඉතුරු ටික ඔහු ලංකාවට පැමිණි පසු නිමවා අවසන් කරනවා. ඉන්පසු අපිට මේ ගීතය අහන්න ලැබෙන්නේ මුල්වරට, ඔහුගේ බඹර පහස කැසට්පටියෙන්.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page