top of page

මා හද අසපුව කුසුමෙන් සැරසුණු

  • මාධව විජේසේකර
  • Jun 20, 2017
  • 1 min read

හඬ සහ තනුව : මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

පද : කරුණාරත්න අබේසේකර

මා හද අසපුව කුසුමෙන් සැරසුණු ඒ මල් බර දෑතයි.. ජීවන මහමඟ කැල්මෙන් හෙලිකල ඒ නිල්මිණි දෑසයි දකින තුරු - සිතදැඩි අවිවේකයි..

සෙනෙහස පොදි බැඳ හිසින් දරා සැනසිලි පිණි දිය රැගෙන පෙරා..// සැතපෙන කුටියට ඇය ආ අන්දම සුවඳ සිහිනයකි භවය පුරා... මා හද අසපුව... මුවින් අමුද බිදු, බිදු වෑහේ.. සිතුම් පැතුම් එකිනෙක පෑහේ..// දායාදය ලෙස අබැටක් නොපතමි ඇගෙ නොකැළැල් හද මට සෑහේ.. මා හද අසපුව...

සනත් නන්දසිරි මහතා මේ ගීතයේ තනුවට යොදාගෙන තිබෙන්නේ, උත්තර භාරතීය රාගධාරි සංගීතයේ එන ජෝගියා නම් රාගයයි. නමුත් එතුමා පොඩි වෙනසක් කර තිබෙනවා. මේ රාගයේ ස්වර සංගතියේ "ග" නම් ස්වරය වර්ජිතයි. එනමුත් මහාචාර්යතුමා එම ස්වරයත් සියුම් ලෙස භාවිතා කරමින් රාගයේ ආකෘතියට හානියක් නොවන පරිදි යොදාගෙන තිබෙනවා.


සාමාන්‍යයෙන් ජෝගියා රාගය ගායනා කරන්නේ, උදෑසන 6 - 9 ත් අතර කාලයේ දී. සාමකාමී බව සහ සුන්දරත්වය එම රාගයෙන් ඇති කරවනවා. මේ පද මාලාවෙන් කියවෙන්නේ පෙම්වතිය නිසා පෙම්වතාගේ සිත සැනසෙන ආකාරය ගැනයි. එබැවින් ඊට සුදුසු ම රාගය ජෝගියා රාගය බව අමුතුවෙන් කිව යුතු නැහැ.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page