top of page
Search

ජය මංගලම් සුභ මංගලම් - පෙරළිකාරයෝ (1986)

  • මාධව විජේසේකර
  • Jun 20, 2017
  • 3 min read

හඬ : එච්. ආර්. ජෝතිපාල

පද : කරුණාරත්න අබේසේකර
තනුව : සෝමපාල රත්නායක

ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා

පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා//

යහතින් වාසවී දෑස සේමා ලංවී මංදාකිනියේ මදහාසදී

නංවා පබා කැන් සදා

ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා

පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා

ගිම්හානෙ මෙන් සීතෙ සංසුන් සලකා සදාකල්

පුදලා සම්බෝග සම්පත් අරඹේ පුරා මල්

පෙම්වන්ත ලන්දුන්ට මල්හී වැසී මල්සරාගේ

හෝ…… ලංවේවා සුභයෝග මුදුවේ බැඳී පුෂ්පරාගේ

හා…හා…හා.. යහතින් වාසවී දෑස සේමා ලංවී

ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා

පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා

පැටලෙන්නෙ සුලැගිල්ලෙ සියුමැල්ලෙ සිතකී සිතූසේ

ගෙන යන්න සැනසිල්ල ලනුදිව්‍ය වෙතටයි පැතූ සේ

පැටලෙන්නෙ සුලැගිල්ලෙ සියුමැල්ලෙ සිතකී සිතූ සේ

හෝ……ගෙනයන්නෙ සැනසිල්ලෙ ලනු ලිව්‍ය වෙතටයි පැතූ සේ

හා…හා…හා..හර්දේ පූජාසනේ සිහිනයේ දෙව් රැජිනේ

ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා

පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා//

යහතින් වාස වී දෑස සේමා ලංවී මංදාකිනියේ මදහාස දී

නංවා පබා කැන් සදා

ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා

පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා

මේ ගීතය ඇතුළත් වුණේ 1986 දී තිරගත වූ පෙරළිකාරයෝ චිත්‍රපටියේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ ප්‍රථම චිත්‍රපටිය ද මෙය වන අතර ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකර මහතා රචනා කල අවසන් චිත්‍රපට ගීතය ද මෙයයි. එය එතුමා ගීත රචනා කල 303 වන චිත්‍රපටිය ද වනවා.


ගීතය පටිගත කරන අවස්ථාවට එතුමාට සහභාගී වීමට නොහැකි වන නිසා එතුමා මේ චිත්‍රපටියේ අනිත් ගීත රචනා කල ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට පවසා තිබෙනවා "මට රෙකෝඩින් එකට එන්න බැරි වෙයි. මොනවා හරි උළුක්කුවක් තිබුණොත් උඹ හදපන්" කියා. අවසානයේ දී එක වචනයක් පමණක් වෙනස් කරන්නට සිදුවෙනවා. ඒ හර්දේ පූජාසනේ කියන තැන. කරුණාරත්න අබේසේකරයන් ලියා තිබුණේ හද පූජාසනේ යනුවෙන්. නමුත් තාල රූපය සමග නොගැලපීම නිසා ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් එම වචන හර්දේ ලෙස වෙනස් කර තිබෙනවා.


පෙරළිකාරයෝ චිත්‍රපටිය ගැන සැකෙවින් :


  • තිරගත වූ දිනය – 1986 අප්‍රේල් 25 ඉදිරිපත් කිරීම - ටී. කේ. ෆිල්ම්ස්

  • නිෂ්පාදනය – තිලක් බී. අතපත්තු

  • කාර්මික තිර නාටකය, කැමරාව හැසිරවීම, විශේෂ දර්ශන ප්‍රයෝග - රාජ් රණසිංහ

  • සංස්කරණය සහ අධ්‍යක්ෂණය – දිනේෂ් ප්‍රියසාද්

  • කතාව, දෙබස් - ටෙනිසන් කුරේ

  • තිර නාටකය - ටෙනිසන් කුරේ, දිනේෂ් ප්‍රියසාද් සහාය

  • අධ්‍යක්ෂණය - රෝයි මහවත්තගේ, ලාල් පීරිස්

  • කැමරා අධ්‍යක්ෂණය - නිමල්සිරි රෝසා සහාය ජී. නන්දසේන

  • සංස්කරණ සහාය - සරත් ගාමිණී (සමරසිංහ චිත්‍රපට සංස්කරණ මැදිරිය)

  • අංග රචනය - ශේෂා පලිහක්කාර

  • සහාය – වසන්ත විට්ටච්චි, රංජිත්

  • පසුතල නිර්මාණ සහ කලා අධ්‍යක්ෂණය – එරල් කෙලී සහාය - වෙලේගෙදර රණසිංහ

  • සටන් අධ්‍යක්ෂණය සහ මාරක පිමි - ටෙඩී විද්‍යාලංකාර

  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, ඩෙරික් ද සිල්වා

  • ගීත, දෙබස් පටිගත කිරීම, ශබ්ද සංකලනය සහ ඔප්ටිකල් ආරෝපණය - ජෝර්ජ් මනතුංග

  • රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය - හොංකොං යූනියන් ෆිල්ම්ස්

  • කලර් ලැබ් චිත්‍රාගාර කටයුතු - සරසවි චිත්‍රාගාරය, කැලණිය

  • ශබ්ද සහාය ශිල්පින් - ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි ආරම්පොල, පාලිත සිල්වා, ආර්. ඒ. ඩබ්ලිව් රණවන, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත වානගුරු

  • නිශ්චල ඡායාරූප - රෝයි මහවත්තගේ නාමාවලිය – තිලක් ආට්ස්, කිරිබත්ගොඩ

  • නාමාවලී දෘශ්‍ය සංකලනය –දිනේෂ් ප්‍රියසාද් කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන

  • ඇඳුම් නිර්මාණය - කුමුදු අතපත්තු වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය

  • කැමරා උපකරණ – ඊ. ඒ. පී . චිත්‍රපට දළ සේයාපට ඡේදනය – උපාලි අමරතුංග

  • ප්‍රචාරක කළමනාකරු - තිලක් අතපත්තු

  • නිෂ්පාදන කළමනාකරණය – ජෝර්ජ් මනතුංග, එස්. කේ. වෝල්ටර්

  • ධාවන කාලය – පැය 2 විනාඩි 46 දිග ප්‍රමාණය – අඩි 14940

  • ආරම්භක පිටපත් ප්‍රමාණය - 12

  • සංගීත අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. සෝමපාල රත්නායක

  • ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්

  • ගීත -

  • ජය මංගලම් සුභ මංගලම් – එච්. ආර්. ජෝතිපාල – පද රචනය – කරුණාරත්න අබේසේකර (කරුණාරත්න අබේසේකර ශූරීන් ලියූ අවසන් චිත්‍රපට ගීතය)

  • සිංහයො වාගෙයි අපි - එච්. ආර්. ජෝතිපාල, ආනන්ද පෙරේරා, බන්දු සමරසිංහ

  • විස්කි කඩේ පූසා - බන්දු සමරසිංහ

  • මල් පොකුරක් පිපිලා - ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, රංජනී පෙරේරා

  • හිත ගත්ත නම් අඟනක් - සුජාතා අත්තනායක, ආනන්ද පෙරේරා

  • තරු මුතු මල් මේලාවේ – එච්. ආර්. ජෝතිපාල

  • ලස්සන මුහුණක් – එච්. ආර්. ජෝතිපාල, බන්දු සමරසිංහ

  • රංගන දායකත්වය -

  • විජය කුමාරතුංග (ද්විත්ව චරිත - විජේ - සැම්සන්)

  • තනුජා මුකර්ජි (හින්දි නිළි)

  • රෙක්ස් කොඩිප්පිලි

  • ජීවන් කුමාරතුංග

  • බන්දු සමරසිංහ

  • ටෙනිසන් කුරේ

  • ටෙඩී විද්‍යාලංකාර

  • ශ්‍රියන්ත වක්වැල්ල

  • විමල් කුමාර ද කොස්තා

  • අනෝජා වීරසිංහ

  • ජෙරල්ඩීන් බණ්ඩාරනායක

  • මැණික් කුරුකුලසූරිය

  • රමණී සිරිවර්ධන

  • පුෂ්පා නන්දනී

  • මොරීන් චාරුණි

  • සුමනා ගෝමස්

  • සිසිර කුමාරතුංග

  • ප්‍රියලාල් මෙන්ඩිස්

  • සත්තාර් ඛාන්

  • පර්ල් වාසුදේවි

  • මානෙල් වානගුරු

  • සමන්ති ලැනරෝල්

  • ක්ලීටස් මෙන්ඩිස්

  • නිමල් පල්ලේවත්ත

  • ටිරෝන් මයිකල්

  • ඒ. සී එම්. ජලීල්

  • ෆ‍්‍රැන්සිස් ප්‍රනන්දු

  • ජයලත් ප්‍රනාන්දු

  • මාරියස් ප්‍රනාන්දු

  • ග්‍රේෂන් මෙත්තානන්ද

  • පර්ල් කුරේ

  • පුෂ්පලතා පෙරේරා

  • ආරම්භක සිනමා ශාලා - රිට්ස් - බොරැල්ල, සෙයින්ස්තාන් - ග්‍රෑන්ඩ්පාස්, නිව් ඉම්පීරියල් - පානදුර, විජිත – රත්මලාන, හිමාලි - කිරිබත්ගොඩ, සරසවි – ගාල්ල, අනූෂා මහරගම, ජයන්තා ගම්පහ, ඕඩියන් – මහනුවර, මොඩර්න් – කුරුණෑගල, ටාසන් – කෑගල්ල, ශ්‍රී ලංකා - වෙන්නප්පුව

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page