top of page
Search

සහසක් පැතුමන්

  • මාධව විජේසේකර
  • Jun 19, 2017
  • 2 min read

හඬ : මල්කාන්ති නන්දසිරි

හඬ සහ තනුව : මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

පද : දයා ද අල්විස්

සාමාන්‍යයෙන් අද කාලයේ පිළිතුරු ගී කියන සංකල්පය නම් බහුලයි. කවුරුහරි ගායකයෙක් ගීතයක් ගායනා කරලා කැසට් පටියක් හරි සංයුක්ත තැටියක් හරි එළි දැක්වූවාම ගායිකාවක් එයට ඒ තනුවෙන් ම පිළිතුරු ගී කියලා තවත් කැසට් එකක් එළි දක්වනවා. හැබැයි එදා එහෙම නැහැ. මේ පිළිතුරු ගී කියන සංකල්පයට අපූරු උදාහරණයක් තමා මේ ගීත දෙක. මේ ගීත දෙකම රචනා කර තිබෙන්නේ දයා ද අල්විස් මහත්මියයි. අපේ රටේ ගිත රචකයින් බහුල යුගයක පළමු ගීත රචිකාව වන්නේ ද ඇය කියා මා සිතනවා. ගීත දෙකම ආරම්භ වන්නේ සහසක් පැතුමන් කියන වචන වලින් ම යි.


මෙහි පළමු ගීතය ගයන්නේ මල්කාන්ති නන්දසිරි මහත්මියයි. එහි තනුව නිර්මාණය කලේ ඇගේ සැමියා වන මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතායි.

සහසක් පැතුමන් ඉපදී මියගොස් ඉතිරි ව ගිය එක පැතුම දරාගෙන ඇහැල මහක අඩ හඳ පෑයූ දා මතක ද සිරි දළදා වැන්ඳා... අතීතයක් වෙන්වන රේඛාවෙන් අනාගතය හිස් කරවනු ලැබුවා... ඔබෙ අත අන් ළඳකට හිමි කර දී මතක ද මා ඉකි බිඳ හැඬුවා... අහිමි ව ගිය සම්පතට වඩා හිමි වූ දුක මිහිරියි සලකන්නම්... ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත් පෙර පිනැකැයි මා සැනසෙන්නම්...


මේ ගීතය පටිගත කරන අවස්ථාවේ දී දයා ද අල්විස් මහත්මිය ම යෝජනා කරනවා සනත් නන්දසිරි මහතාට මේකට පිළිතුරු ගීයක් කරමු කියා. ඒ අනුව ඇය ම මේ ගීතයට එම තනුවට ම මේ ගීතය රචනා කරනවා. එසේම මෙම ගීත දෙකම නිර්මාණය කර තිබෙන්නේ උත්තර භාරතීය රාගධාරි සංගීතයේ එන කීර්වානි රාගය ඇසුරින්. සාමාන්‍යයෙන් එම රාගයේ ස්වර සංගතිය තිබෙන්නේ ශෝකාකූල බවක්. ගයන්නේ මධ්‍යම රාත්‍රියේ දී. ඉතින් මේ ගීත දෙකෙන්ම කියවෙන්නේ නෑනා සහ මස්සිනා අතර තිබූ බැඳීමක් බිඳ වැටුණු මතකය ආවර්ජනය කිරීම නිසා එම රාගය ඉතාමත් ම ගැලපෙනවා.


සහසක් පැතුමන් නැත මා පැතුවේ.. එකම පැතුම පමණකි හිත රැදුනේ.. හද අඹරෙහි අඬ සඳ වැනි නෑනේ.. මතකයි සිරි දළඳා වැන්දා... මතකයි සිරි දළඳා වැන්දා...


ඇස කඳුලැලි මෙන් හිස පිණි බින්දු පිරිසිදු නාමල දෝතෙහි රැන්දූ..// එකම පැතුම කඳුලට හරවා මතකයි ඔබ පාමුල වැටුනා... මතකයි ඔබ පාමුල වැටුනා... සහසක් පැතුමන්... අහිමි සැපත මිහිරී සිත පුරවා තැවෙමු හඬමු මේ භවය පුරා..// මතු භවයෙත් මගෙ නෑනා වනු මැන අදට වඩා අනුකම්පාවෙන්... අදට වඩා අනුකම්පාවෙන්... සහසත් පැතුමන්...

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page