top of page
Search

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්

  • මාධව විජේසේකර
  • Jun 19, 2017
  • 1 min read

හඬ සහ තනුව : මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

පද : ආචාර්ය අජන්තා රණසිංහ

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්

සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් // ක්ලේශ තාපයේ අනන්ත වේදනා ජලේ // නෞකාව දම් අමා වඳිම් නමා නළල් තලේ නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්... දෑගසවු රහත් බුදුන් මා සිතින් පුදා // වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්...

ආචාර්ය අජන්තා රණසිංහයන් සහ මහාචාර්ය සනත් නන්දසිරි අතර තිබුණේ ගහට පොත්ත වගේ බැඳීමක්. දෙදෙනාට දෙදෙනා ආමන්ත්‍රණය කලේ "මචං" යනුවෙන්. ඉතින් දවසක් සනත් නන්දසිරි මහතා විශ්වවිද්‍යාලයේ දේශන කටයුතු සඳහා පිටත් වීමට සූදානම් වන මොහොතේ, අජන්තා රණසිංහයන් රැකියාවට යන ගමන් එතුමාගේ නිවසට ගොඩ වදිනවා. "මචං මෙන්න මේක කියහං උඹේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට" යනුවෙන් මේ ගීතයේ පද මාලාව ලබා දෙනවා. සාමාන්‍යයෙන් මහාචාර්යතුමා පවසන පරිදි අජන්තා රණසිංහයන් එතුමාට ගීත ලබා දෙන්නේ "පොලිසියෙන් දෙනවා වගේ කියලා!!!" තරහට නෙමෙයි එහෙම කියන්නේ. අර මිත්‍රත්වය සහෝදරත්වය නිසා.


පදමාලාව බැලුවාම එතුමාට කිසිම ගීතවත් බවක් දැනිලා නැහැ. "මොකද්ද බං මේ? මේකේ කොහොමද ගීතයක් තියෙන්නේ" කියලා ඇහුවාම "මචං මේකේ වචන කැඩෙන්නේ මෙහෙමයි. නිර්වාණ-ස්වර්ණ-ද්වාරයෙන්..." ආදී වශයෙන් ගීතයේ ගමන් රටාව අජන්තා රණසිංහයන් පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව තමා ගීතයේ තනුව නිර්මාණය වුණේ. ගී පද රචකයන් පවා ගීතයක් ලියන්නේ යම් හිතේ මැවුණු තනුවකටයි. එය තමා මෙහි ඇති විශේෂිත කරුණ.


තවත් රසකතාවක් තියෙනවා. මේ ගීතය ඇහුවාට පස්සේ සනත් නන්දසිරි මහතාගේ මෑණියන්, දෝන එමලින් කටුගම්පල මහත්මිය කියලා තියෙනවාලු "පුතේ මේ ගීතයේ ඔක්කොම වචන නම් මට ඇල්ලුවේ නැහැ. හැබැයි අර 'සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්' කියන කොටස නම් ලස්සනයි." කියලා. මොකද "නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්" කියන වචන වල තේරුම ඇයට තේරෙන්නේ නැහැ. නමුත් ඒ අම්මලා ආගමානුකූල දිවියක් ගත කල නිසා බුදුරජාණන්වහන්සේගේ පාද වන්දනා කරන එක ගැන තේරුමක් තිබිලා තියෙනවා!

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page