සඳ තරු මල්




සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්.. හිරු තෙද වන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්.. දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ... ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන්.. පතිනි මවුන් මට රැක දුන් මගේ බලය නුඹ අරගන්.. දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ... සඳ තරු මල්... ඇල දොල ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන්.. මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්.. දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ... සඳ තරු මල්...
මේ ගීතය රචනා කර තිබෙන්නේ, අතුල - සමිතා දෙදෙනාගේ වැඩිමහල් දියණිය කාවින්ද්‍යා අධිකාරි වෙනුවෙන්. රඹුකන සිද්ධාර්ථ හිමි සමග මේ යුවළ ඉතා ළඟ ඇසුරක් තිබුණා. ඉතින් දවසක් උන්වහන්සේ එක්තරා ගමනකට වැඩම කර නැවත වඩිනවිට අතරමගදී ආරංචි වුණා අතුල - සමිතා යුවළට දියණියක් ලැබුණා කියලා. අතිශය සතුටට පත් උන්වහන්සේ බිළිඳු කාවින්ද්‍යා දියණිය බැලීමට වැඩම කර සෙත් පිරිත් දේශනා කර ආශීර්වාද කලා.
නමුත් උන්වහන්සේට වැටහුණා මේ දියණිය වෙනුවෙන් යම් ත්‍යාගයක් ලබා දිය යුතුයි කියා. එමනිසා තම පන්සලට නැවත වැඩම කල විට උන්වහන්සේ අතින් මේ ගීතය රචනා කර අතුල - සමිතා යුවළට පරිත්‍යාග කලා. අදටත් බොහෝ දියණිවරු වෙනුවෙන් මේ ගීතය බොහෝ දෙමාපියන් අතරේ ජනප්‍රිය ගීතයක්. කාවින්ද්‍යා දියණියට පමණක් නොව පොදුවේ සමස්ත දියණිවරුන්ට සිද්ධාර්ථ හිමිගේ මේ ගීතය අපූරු ත්‍යාගයක්.






































Comments