top of page
Search

යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ

  • මාධව විජේසේකර
  • Jun 18, 2017
  • 1 min read

හඬ : විශාරද නන්දා මාලනී

පද : මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ… යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී… ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා

නළලත බබළන සඳන තලාවයි… සිරුරත ඝන නිල් මේඝ වළාවයි… මානස විල මැද රණ තිසරාණනි වෘන්දා වනයේ වසන්තයයි… ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා… මලයගිරේ මධු ගීත කලාවයි… තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි… වන රේඛාවේ රණ මොණරාණෙනි තරුද නොපායන රාත්‍රියයි… ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා…

නන්දා මාලනියගේ අතිශය මධුර මනෝහර ගීතයක් වූ මෙය පටිගත කර ඇත්තේ වාදනයත් ගායනයත් එක්වරම යැයි ඇසුවොත් ඔබ පුදුම වෙනවා ඇති. සාමාන්‍යයෙන් අද කාලයේ නම් සංගීත පථයක් (Music Track) පළමුව වාදන ශිල්පීන් විසින් වාදනය කර එය පටිගත කල පසු එම පථයට ගායකයා හෝ ගායිකාව වෙනම ගායනය කිරීම තමයි සිදුවෙන්නේ. නමුත් මෙහි දී ඉස්සර කාලයේ පටිගත කල ආකාරයටම දෙකම එකවර සජීවී ව පටිගත කර තිබෙනවා.


මෙහි ගායනය ඉතා ම අසීරු ගායනයක්. ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා… ආදී තැන් ඉතා අසීරුයි. වාදනයත් එසේමයි. තබ්ලාවෙන් සිදුකරන හරඹ ගොඩක් තිබෙනවා. රාගධාරි සංගීතයේ එන ශාස්ත්‍රීය වාදන කොටස් බොහෝමයි. ඒවා සියල්ලම නිසි පරිදි සකසා එකවර පටිගත කිරීම සැබැවින්ම විශ්මය ජනකයි.

Commenti


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page