පිපුනු මලේ රුව එමල දනීදෝ



පිපුණු මලේ රුව එ මල දනී දෝ මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා කටු මැටි බිත්තිය හැඩකර අඳිනා රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ නොතළන් හිත මා ආදර දියණියනේ පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ නොතළන් හිත මා ආදර දියණියනේ පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ
මේ ගීතයේ තනුව නිර්මාණය කල විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා මහතා, අතිදක්ෂ බටනලා වාදකයෙක්. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පාලක ලෙසත් එතුමා අති විශිෂ්ඨ මෙහෙවරක් ඉටුකලා. මෙහි සැඟවුණු කතාව, එතුමා මේ මනරම් තනුව නිර්මාණය කර තිබෙන්නේ බටනලාව මගින් වීමයි. එසේම නන්දා මාලනී මහත්මියට ගීතය පුහුණු කරවා තිබෙන්නේ ද බටනලාවෙන්.
සාමාන්‍යයෙන් ඕනෑම සංගීතඥයෙක් තනුවක් නිර්මාණය කරනවිට තමන්ගේ වඩා හුරුපුරුදු සංගීත භාණ්ඩය අවශ්‍ය කරන අයුරින් තනුව නිර්මාණය කලත් මෙම ගීතයේ බටනලාවට එතරම් අවස්ථාවක් නැහැ. එනමුත් අනෙක් සංගීත භාණ්ඩවලට අවැසි සංගීත ඛණ්ඩ බටනලාවෙන් නිර්මාණය කිරීමට තරම් ඩන්ස්ටන් ද සිල්වා ශූරීන් කොතරම් සමතෙක් ද කියලා ඔබට ගීතය ශ්‍රවණය කරන කොට වැටහෙනවා ඇති.






































Comments