top of page
Search

ඔබේ අත ගෙන පෙර සැඳෑවක

  • මාධව විජේසේකර
  • Jun 18, 2017
  • 1 min read

හඬ : රෝහණ සිරිවර්ධන

පද : කුලරත්න ආරියවංශ

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

ඔබේ අත ගෙන පෙර සැඳෑවක...

උයන් තෙර හිඳ ආදරෙන්... ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය... විරහ ගීයක් නොවේවා.... ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුන මොහොතක හදවතින් තෙපලූ කථා කිසිදු දිනයක ගොළු නොවේවා.... ඔබේ සිහිලැල් සුවැති සෙවනේ රැඳී අප වුන් ඒ සැඳෑවේ හදවතින් මතුවූ සිනා කිසිඳු දිනයක බොඳ නොවේවා...


මේ ගීතය ගුවන්විදුලියේ මැදිරියක් තුළ හදිසියේ රචනා වූ ගීතයක්. කුලරත්න ආරියවංශයන් අතින් මෙහි මුල් වචන ටික පමණයි රචනා වෙලා තිබුණේ. නමුත් ඒ මුල් වචන ටික අරගෙන පියානෝවක් ළඟට ගිහින් ඒ ටිකට තනුවක් යොදා අන්තරා කොටස් වලට ඒ සමගම රෝහණ වීරසිංහයන් අතින් තනුව නිර්මාණය කරනවා. ඒ තනුවට තමයි ගීතයේ ඉතිරි වචන ටික ආරියවංශයන් අතින් රචනා වෙන්නේ. එමනිසා වචනවලට තනුවත්, තනුවට වචනත් යන දෙආකාරයෙන් ම නිර්මාණය වූ ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page