අහස සේ ඔබ අනන්තයි



අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..// මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි...ඔබ අනන්තයි.. වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ මධු විතක් උතුරන තැනත් ඔබ... තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ.. අහස සේ ඔබ අනන්තයි...// අඩ සඳක් සැගවෙන තැනත් ඔබ රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ.. සිසිලසක් දනවන තැනත් ඔබ උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ.. අහස සේ ඔබ අනන්තයි...//
මේ ගීතය නිර්මාණය වීම පිටුපස රසවත් කතාවක් තිබෙනවා. මේ ගීතය නිර්මාණය වීමට වසර 4කට පෙර සිට ම රෝහණ වීරසිංහ - නන්දා මාලනී - කුලරත්න ආරියවංශ යන අය අතර ප්‍රබල විරසකයක් ඇති වී තිබුණා යම් හේතුවක් මත. ඉතින් මේ සංක්‍රාන්තිය නිමා කිරීම පිණිස මේ ගීතය මහත් පිටුවහලක් කර ගැනීම සඳහා ආචාර්ය වීරසිංහයන් ඉතාමත් ඕනෑකමින් හැඩ වැඩ දමා මෙහි තනුව නිර්මාණය කලා. මත ගැටුම් අවසාන වූ පසු නිර්මාණය වූ පළමු ගීතය මෙයයි.






































Comments