top of page
Search

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ

  • මාධව විජේසේකර
  • Jun 12, 2017
  • 1 min read

හඬ : විශාරද මාලනී බුලත්සිංහල

හඬ : සන්ධ්‍යා බුලත්සිංහල

පද : රඹුකන සිද්ධාර්ථ හිමි

තනුව : එච්. එම්. ජයවර්ධන

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ

දහදිය හෙළා මහ සාගරය වගේ ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ ඇති දැඩි කළා අප සමනළ පැටව් වගේ…

අක්කණ්ඩියේ පොඩි කාලේ පොඩි කමට කළ වරදකට වත් තැලුවේ නැත අපට සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට පියෙකුගෙ කදුළු මුතු කැට වුනි දරුකමට…

පියවරු සිටින දරුවන් හට තනි නැතුවා මව්වරු සිටින දරුවන් හට තනි නැතුවා මව් පියවරුන් ඉර හද මෙන් ළඟ හිඳුවා දරුවන් පාන හසරැළි අපහට නැතුවා…

මේ ගීතය එදා මෙන්ම අදත් ඉතාම ජනප්‍රිය ගීතයක්. මේ ගීතය ඇත්තටම රචනා වුණේ, අක්කා කෙනෙක් තම නංගීව ගායන කේෂ්ත්‍රයට කැඳවාගෙන ඒමට බව දන්නේ කීයෙන් කී දෙනා ද? ඔව්. ඒ මාලනී බුලත්සිංහල අක්කා තමන්ගේ සන්ධ්‍යා බුලත්සිංහල නංගීව ගායන ලොවට හඳුන්වාදෙන්නට රඹුක්කන සිද්ධාර්ථ හිමියන් ලවා මේ ගීතය රචනා කරවා ගත් ගීතයක්.


මාලනී බුලත්සිංහල මහත්මියගේ පවුලේ බොහෝ දෙනාට සංගීත හැකියාව තියෙනවා. නමුත් ක්ෂේත්‍රයෙන් ඉදිරියට ආවේ ඇයත් සන්ධ්‍යා බුලත්සිංහල මහත්මියත් පමණයි. සන්ධ්‍යා නංගීට අවස්ථා ගණනාවකදීම තනිවම ගීතයක් ගයන්න අවස්ථාවක් ලබා දෙන්න උත්සාහ කලත් ඇය විවිධ හේතු කියා මගහරින නිසාත් තමා සමග ගීතයක් ගයන්න කියූවිට කිසිලෙසකින් වත් එය ප්‍රතික්ෂේප කරන්නට නොහැකි නිසාත් කෙසේ හෝ මේ ගීතය රචනා මාලනි බුලත්සිංහල මිය ලියවාගෙන, තම සැමියා එච්. එම්. ජයවර්ධන මහතා ලවා සංගීතවත් කර තම නංගී සමග ගායනා කලා.


මේ ගීතය සමග තවත් ගීතයක් ඇය ලියවා ගත්තා තම නංගී සමග ගයන්නට. ඒ දෑතින් වැඳලා වැඳලා ගීතයයි.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page