සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ



සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ// මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි අල්පයක් තරම් නිදහස රැක ගන්නයි කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ// නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ//
මේ ගීතය මුලින්ම පද මාලාව ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අතින් ලියූ පසු වික්ටර් රත්නායකයන් "මේක කවියක් ආකාරයෙන් නේ තියෙන්නේ? මිල්ටන්ට ගැලපෙනවාද?" කියා අසා තිබෙනවා. "කවියම ඕන නෑනේ. උඹට ම පුළුවන්නේ ඕක ගීතයක් බවට හරවන්න" යනුවෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මහතා පවසා තිබෙනවා. ඒ අනුව කවියක් ගීතයක් බවට හැරවුණා.
ඇත්තටම මේ ගීතය මිල්ටන් මල්ලවාරච්චි මහතා ගුවන් විදුලියේ ගායනා කල ප්‍රථම ගීතය මෙයයි. එතුමාව ගුවන්විදුලියේ ගායකයෙක් කිරීමේ වුවමනාව තිබුණේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාටයි. ප්‍රේමකීර්ති මහතාගේ වුවමනාව මත තමා මේ ගීතය රචනා වුණේ.






































Comments