top of page
Search

පාන්කිරිත්තා

  • මාධව විජේසේකර
  • May 31, 2017
  • 1 min read

හඬ : ෆ්‍රෙඩී සිල්වා

පද : ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

පාංකිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි පාංකිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි

පාංකිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන්ගත්තේ අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ කොහේද හිඳ පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ උන්ගෙ නැටුමට බාදා කරමින් ගීය පටන්ගත්තේ

පාංකිරිත්තා...

පාංකිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා කෑඳැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවූවා ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා ළඟට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා

අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා ///

පරණ කෝට් ගීතයෙන් සිනමා ගී රචනයට ප්‍රවිශ්ඨ වුණ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා මේ ගීතය රචනා කලේ අපූරු පළිගැනීමක් සඳහායි. ඒ වෙනකොට නැගී එන ගීත රචකයෙක්, ජෝතිපාල මහතාට විරුද්ධව යම් විවේචනාත්මක ව පුවත්පත් මගින් පහර ගසා තිබෙනවා. එයට පිළිතුරු ලෙස තමා මේ ගීතය රචනා කරලා තියෙන්නේ.

コメント


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page