නීල බිඟු කැල - රජගෙදර පරෙවියෝ (1975)
- මාධව විජේසේකර
- May 31, 2017
- 2 min read


නීල බිඟු කැල තාමරස පෙළ
ආදරෙන් සනසාලා තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා... මාරුතේ මතුරා යතේ සුරඹුන් නැඟූ මුකුළූ මාවතේ අතුරා ඇතේ සුරඹුන් නෙළූ කැකුළූ සුරඹුන් නෙළූ කැකුළූ... ජීවිතේ කිරි සාගරේ කලඹා දිනූ කිඳුරී මීවිතේ මදිරා සොරා සඟවා නොයන් සොඳුරී සඟවා නොයන් සොඳූරී...
මේ ගීතය ඇතුළත් වූයේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කල රජගෙදර පරෙවියෝ චිත්‍රපටියේ. ඒ සඳහා මේ ගීතය නිර්මාණය වූ කතාව හරි අපූරුයි. මේ චිත්‍රපටියේ ප්‍රධාන නළු නිළි දෙපළ වූ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා සහ නීටා ප්‍රනාන්දු මහත්මිය රඟන දර්ශනයක් සඳහා ගීතයක් ඇතුළත් කරන්නට සතිස්චන්ද්‍රයන්ට අවශ්‍යව තිබුණා. ඒ සඳහා තම චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණයට යොදාගෙන සිටි වික්ටර් රත්නායකයන්ගෙන් එතුමා ඇසුවා "කාට ද මේ ගීතය ලියන්න දෙන්නේ?" කියලා. රත්නායකන්ගේ එකම පිළිතුර වූයේ "කේ. ඩී. කේ. ට දෙමු" යන්නයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි අය පවා සිටිය දී එතුමාට ම මේ ගීතය රචනා කරන්නට දීම එතුමා කල පද රචනාව මගින් ම ඉතා සාධාරණයක් ව තිබෙනවා. ඉන්පසු සතිස්චන්ද්‍රයන් ම යෝජනා කරනවා ගීතයට තරමක රිද්මයානුකූල තනුවක් නිර්මාණය වෙනවා නම් හොඳයි කියලා.
ඉතින් ගීතයට මුලින් රත්නායකයන් අතින් තනුවක් හැදුණා. ඊට පස්සේ දවසක් රත්නායකයන් ගුවන්විදුලි සංස්ථාවේ ආපන ශාලාවට ගිහින් මේසයට තට්ටු කරන ගමන්, මුමුණමින් මේ ගීතයට පද මාලාවක් කේ.ඩී.කේ. අතින් ලියවෙනවා. ඉන්පසු එදාම හවස සතිස්චන්ද්‍රයන් හමුවට දෙදෙනාම ගොස් මේ ගීතය ඉදිරිපත් කලවිට එය එකහෙලාම අනුමත වෙනවා.
පසුකාලීනව ගාමිණී ෆොන්සෙකා මහතා ආචාර්ය වික්ටර් රත්නායකයන්ට කියා තිබෙනවා එතුමා පවා මේ ගීතයට දැඩි සේ ඇලුම් කරන වග.
රජගෙදර පරෙවියෝ චිත්‍රපටිය ගැන සැකෙවින් :
තිරගත වූ දිනය – 1975 අගෝස්තු 22
ඉදිරිපත් කිරීම - සරසවි චිත්‍රපට සමාගම
නිෂ්පාදනය – වයි. එම්. කරුණාතිලක, එච්. එච්. නෙල්සන්, බන්දු රණසිංහ
කතාව, දෙබස්, තිර රචනය සහ සම අධ්‍යක්ෂණය - සතිස්චන්ද්‍ර එදිරිසිංහ
කැමරාව, කෝණ නිර්මාණ, සංස්කරණය, සම අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
අංග රචනය – ඩී. ඩී. ඇන්තනි
අතිරේක කැමරා මෙහෙයවීම – ඇම්. වී. හේමපාල, කේ. ඒ. විජේරත්න
නිෂ්පාදන අධිකාරි – ආර්. බී. රිචට් පෙරේරා
සහාය – ජයන්ත පෙරේරා, ජී. නන්දසේන
නිශ්චල ඡායාරූප - ශ්‍රීලාල් පෙරේරා, සී. විල්බට් ප්‍රනාන්දු
නාමාවලිය, ප්‍රචාරක කටයුතු - තෝමස් තිලකරත්න
ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු
දෙබස් පටිගත කිරීම – ඊ. වයි. මනතුංග, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. පී. පොඩි මහත්තයා
රසායනාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන
රසායනාගාර සහාය – ඇස්. ගමගේ, මුනිදාස මාපටුන, ටෙරන්ස් හෙට්ටිආරච්චි
කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන
සංස්කරණ සහාය - ඩෙන්සිල් ජයවීර, පී. හැරිස් නන්දසිරි
නැටුම් අධ්‍යක්ෂණය – මිනිපුර රත්නසේකර
විශේෂ දර්ශන - ජොනී ඩී. හුඩ්, ග්‍රේට් ලංකා සර්කස්
කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
චිත්‍රාගාර – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, සිලෝන් තියටර්ස් චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් රත්නායක
ගීත -
අපියි රජ ගෙදර පරවියෝ - ෆේරඩී සහ පිරිස - ප්‍රේමකීර්ති ද අල්විස්
සමනල තටු යට රිංගලා - මිල්ටන් මල්ලවආරච්චි, මර්වින් පෙරේරා, වෝල්ටර් ප්‍රනාන්දු, සුනිල් එදිරිසිංහ – සුනිල් ආරියරත්න
නීල බිඟු කැල – වික්ටර් රත්නායක - කේ. ඩී. කේ. ධර්මවර්ධන
හිනැහෙන්න රෝමියෝ මමයි – වික්ටර් රත්නායක, ලතා වල්පොල - සුනිල් ආරියරත්න
සුන් සුන් සුන් සුන්දරී - ෆේරඩී සිල්වා
මුවා වුණා සඳක් සිනාසලා - වික්ටර් රත්නායක, ලතා වල්පොල
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා
නීටා ප්‍රනාන්දු
ලයනල් දැරණියගල
බන්දු මුණසිංහ
මානෙල් වානගුරු
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
හියුගෝ ප්‍රනාන්දු
පර්ල් වාසුදේවි
දොන් සිරිසේන
එච්. ඩී. කුලතුංග
ජෙනී විනිප්‍රිඩා
ෆේරඩී සිල්වා
රංජිත් දයානන්ද
අග්‍රා පෙරේරා
සරණපාල සූරියආරච්චි
ෂෙල්ටන් කරුණාරත්න
කුමාරි මානෙල්
ෆේරඩී අබේසුන්දර
කිංස්ලි දිසානායක
මාලා වනසිංහ
කමල් ජයකොඩි
සතිස්චන්ද්‍ර එදිරිසිංහ
සමන්ති ලැනරෝල්
ඇලෝසියස් අප්පුහාමි
සිසිර කුමාරතුංග
පුෂ්පලතා පෙරේරා
コメント