top of page
Search

දෙවුරම් වෙහෙරේ

  • මාධව විජේසේකර
  • May 31, 2017
  • 1 min read

තනුව සහ හඬ : ආචාර්ය වික්ටර් රත්නායක

පද : ප්‍රේමකීර්ති ද අල්විස්

දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ

මා සිටියානම් සමිදුනි ඔබේ පිලිසරන පතා මම එමි බවදුරු කතර ගෙවා.. //

සහසක් සොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතුවිලි ගන අදුරේ සමිද ඔබේ පිලිරුව දුටු පමනින් නිවී නිවී යන අරුමය කිමදෝ

දෙවුරම් වෙහෙරේ...

ජීවමාන හිමි දක ගන්නට මා නෙත කල පින් මද බව වැටහේ එහෙයින් හිමි අනුරුව අබියස සිට බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට

දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිදුනි ඔබේ පිලිසරන පතා

දෙවුරම් වෙහෙරේ...

මේ ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් ආචාර්ය වික්ටර් රත්නායකයන්ට රචනා කර දුන් පළමු ගීතයයි. ප්‍රේම් - වික්ටර් සුසංයෝගය ඉතා විශාල නිර්මාණ ගොන්නක ඈඳී තිබෙනවා අපි දැක තිබෙනවා. ඒ දෙදෙනා අතර ඉතා විශාල බැඳියාවක් තිබුණා. මේ එහි ආරම්භය වූ හැටියි.


එවකට ගුවන් විදුලියේ වෙළඳ සේවයේ සංගීත වැඩසටහන් නිෂ්පාදකව කටයුතු කල පී. එල්. ඒ. සෝමපාල මහතා දිනක් වික්ටර් රත්නායකයන්ට පවසනවා වෙළඳ සේවයේ පමණක් ප්‍රචාරය කිරීම සඳහා අලුතින් ගීත ටිකක් හදලා දෙන්න කියලා. "හොඳයි මම තනු නිර්මාණය කරලා මම ම ගායනා කරන්නම්. කවුද ගීත ලියන්නේ?" වික්ටර් රත්නායකයන් අසනවා. "අපි ඕක පොඩි මාස්ටර් ට දෙමු." "කවුද පොඩි මාස්ටර්?" "අපේ ප්‍රේමකීර්ති ද අල්විස්". ඒ වෙනකොට රත්නායකයන්, ප්‍රේමකීර්ති ද අල්විස් දැක තිබුණත් කතා බහ කරලා තිබුණේ නැහැ. අනිත් එක ගුවන්විදුලියේ ඒ වෙනකොට අන්වර්ථ නාම ගොඩක් එක් එක් පුද්ගලයන්ට තිබුණා. "ලොකු මාස්ටර්" යනුවෙන් හැඳින්වූයේ තිලක සුධර්මන් ද සිල්වා මහතා. "මැද මාස්ටර්" යනු අමරබන්ධු රූපසිංහ මහතායි. "පොඩි මාස්ටර්" යනු ප්‍රේමකීර්ති ද අල්විස් මහතායි.


ඉතින් පොඩි මාස්ටර් සොයාගෙන ගුවන්විදුලියේ ආපනශාලාව වෙත රත්නායකයන් සහා සෝමපාලයන් යනවිට කොරිඩෝව දිගේ එනවා මිටි පුද්ගලයෙක්. ඔහු ඇඳගෙන එන්නේ කොට කලිසමක්, ටී ෂර්ට් එකක් සහ සෙරෙප්පු දෙකක් පමණයි! ඔන්න ඔහොමයි වික්ටර් රත්නායකයන්, ප්‍රේමකීර්ති ද අල්විස් මුලින් ම දැක්කේ!

Commentaires


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page