top of page
Search

තොටුපල අයිනේ

  • මාධව විජේසේකර
  • May 31, 2017
  • 1 min read

හඬ සහ තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

පද : මහාචාර්ය සුනිල් ආරියරත්න

තොටුපළ අයිනේ...

කවුද අත වනන්නේ කවුද අත වනන්නේ - තොටුපල අයිනේ//

හැන්දෑවරුවේ ඉවුරේ වැටකේ උණ පඳුරේ සෙවණේ හබල බිඳීලා / පෙරළුණු ඔරුවක සුන්බුන් ඇස තැවරේ ඒ දෙස නොබලමි – ඒ දෙස නොබලමි

තොටුපළ අයිනේ කවුද අත වනන්නේ

ආ මඟ අඳුරේ පෙරමඟ දෙගොඩින් තරු යුවළක් ඇවිලේ ඔරුකඳ ඇතුළේ / නුපුරුදු සුවඳත් දියමංකඩ විසිරේ හෙට මම හිනැහෙමි - හෙට මම හිනැහෙමි තොටුපළ අයිනේ – කවුද අත වනන්නේ

මේ ගීතය පටිගත කල ආකාරය ගැන ගුවන් විදුලියේ ප්‍රවීණ වාදක ශිල්පී ටියුලින් ජයරත්න මහතා මෙහෙම පවසා තිබෙනවා.


"දවසක් මම වැඩසටහනක් ඉවර වෙලා එනකොට ස්ටූඩියෝ ෆයිව් එකේ වික්ටර්ගේ සරල ගී ප්‍රෝගෑම් එක. මම ඔළුව දාලා බලනකොට ආරියවිමල් තමයි සවුන්ඩ් බැලන්ස් කරන්නේ. රෙකෝඩ් කරමින් හිටියේ තොටුපල අයිනේ. හබල් පාරට එන වතුර හඬ එන්නේ නැහැ. පොඩ්ඩක් හිටපං කියලා මම කැන්ටිම පැත්තට දුවලා ගිහින් ගස්ලබු බටයක් කඩාගෙන ඇවිත් වතුර භාජනේට දාලා උඩට ඇද්දා. හබල් ගහනකොට වතුර පාර යටින් එන ගැඹුරු හඬ ඒකෙන් ආවා."

댓글


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page