top of page
Search

කුමරියක පා සළඹ සැලුණා

  • මාධව විජේසේකර
  • May 31, 2017
  • 1 min read

හඬ : ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන

තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

කුමරියක පා සළඹ සැලුණා

වසා සිටි නෙතු පියන් ඇරුණා කුමර බඹසර අසපුවේ මා සම වැදී උන් දැහැන් බිඳුණා

කුමරියක පා සළඹ සැලුණා...

උකුල ළැම හස මලවි කරලිය මුවා කළ ඇගෙ දුහුල් සළු තිර විවර කෙරුවා මනස් සලෙළුන් උමතු වු දෙනුවන් රැහැන් ඇද මා අබියස මැවෙන තුසිතය සුරන් නැළවූ සුයාමය

කුමරියක පා සළඹ සැලුණා...

නිසල ජීවන තපෝ වන මැද හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද තලා සිත කම්පනය කරවයි ලපලු තුරුවැල් කැකුළු මල් පෙති මා හඬවයි බිඳුණු තුසිතය සුරන් නැළවූ සුයාමය

කුමරියක පා සළඹ සැලුණා...

ආචාර්ය වික්ටර් රත්නායකයන් සහ කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් කුළුඳුලේ පණ්ඩිත් අමරදේවයන්ට ගීතයක් නිර්මාණය කරන්නට හිතාගෙන මේ පද මාලාවට තනුවක් නිර්මාණය කරගත්තා. "ලොක්කා කැමති වෙයි ද මේකට?" යනුවෙන් කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් ඇසුවා. "අපි දෙන්නම ගිහින් දීලා බලමු." යනුවෙන් රත්නායකයන් යෝජනා කරනවා. 1970 වගේ කාලයක මුල් භාගයේ මේ ගීතය නිර්මාණය වුණේ. දුරකතන අල්ප ඒ කාලයේ මේ දෙදෙනාම එවකට තරංගා අධිපති විජය රාමනායක මහතා සමග කුලී රථයකින් අමරදේවයන්ගේ නුගේගොඩ පිහිටි නිවසට ගියා. කොයි එකටත් කියා සර්පිනාවත් කුලී රථයේ දමා ගෙන ගි‍යේ.


නිවසට ගිය පසු වික්ටර් රත්නායකයන් තරමක ගැහෙන හදවතින් යුතුව "සර් අපි සර් ට ගීතයක් නිර්මාණය කරලා ගෙනාවා." යනුවෙන් පැවසුවා. "හොඳයි ගයලා පෙන්නන්න බලන්න." "ඉන්න සර් සර්පිනාවත් කාර් එකේ තියෙනවා අරගෙන එන්නම්" කියා සර්පිනාවත් අරගෙන ආ රත්නායකයන් ගැහෙන හදවතින් ම මේ ගීතය ගයා පෙන්වූවා. අමරදේවයන් වැනි කෙනෙකුට තමන් වැනි කුඩා පුද්ගලයෙකු ගේ ගීතයක් වැඩක් නැති වෙයිදෝ යන බියෙන් යුතුව එතුමා ගයනවා. "තව පාරක් ගයන්න බලන්න" යනුවෙන් අමරදේවයන්ගේ ඉල්ලීමට නැවතත් ගයා පෙන්වනවා. එවර තරමක් විශ්වාසයෙන් ගැයූ පසු එතුමා ගීයට කැමති වූවා.


පසුකාලීනව ආචාර්ය වික්ටර් රත්නායකයන් පවසා සිටින්නේ, එය තමා සහ කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් ලැබූ ඉමහත් ජයග්‍රහණයක් බවයි.

留言


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page