top of page
Search

කුණ්ඩුමනී

  • මාධව විජේසේකර
  • May 31, 2017
  • 1 min read

හඬ : ෆ්‍රෙඩී සිල්වා

පද : ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

මන්නාරම් පිටි වැල්ලේ

මදටිය වැල් ඔංචිල්ලේ කොණ්ඩෙ කඩං හඳට අඬං සිංදු කියන්නී... කුණ්ඩුමනී... කුණ්ඩුමනී... නැහැයෙ කරාබුව දෙකනේ කඩුක්කන් දමා සියොළඟ මොට්ටක්කිළියෙන් හැඩ කොට වසා ඉඟ නමා උලුඳු කොටා තල වේලා තල් පත මත ගිනි අවුවේ ලා... කුණ්ඩුමනී... සෙම්බු තාලි උකුළෙ හොවා ආඬි ළිඳෙන් දිය ඇදලා ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අළු ගා... කුණ්ඩුමනී... ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා කොම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඬවා දීලා... කුණ්ඩුමනී... සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ මහ රාජා ආ කල ගෙට තිරික්කළෙන් බැසලා කුණ්ඩුමනී යන පෙරහැර බලා හිඳීමි කීකරු වීලා... කුණ්ඩුමනී...


ප්‍රේම්-වික්ටර් සුසංයෝගයෙන් නිර්මාණය වූ අපූරු ගීතයක් මේක. ප්‍රේමකීර්ති ද අල්විස් මහතා යාපනයට දඬුවම් මාරුවක් ලබා එහි සේවය කරන කාලයේ තමා ලබපු අත්දැකීම් සියල්ල මෙහි එක්කර තිබෙනවා. නැවත කොළඹ පැමිණි පසු ප්‍රේමකීර්ති මහතා මේ ගීතය රචනා කර ෆ්‍රෙඩී සිල්වා මහතා සමග වික්ටර් රත්නායකයන්ගේ නිවසට පැමිණියා. ඒ වෙනකොට රත්නායකයන් නාවල දියවන්නා මහ විදුහලේ සංගීත ආචාර්යවරයා ලෙස කටයුතු කරනවා.


ඉතින් මේ ගීතයට එතුමා තනුව නිර්මාණය කර තිබෙන්නේ උත්තර භාරතීය රාගධාරි සංගීතයේ එන භූපාලි රාගය ඇසුරින්. එනමුත් සංගීතය සඳහා යොදාගෙන තිබෙන්නේ දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතයයි. එය කෙතරම් අපූරු සුසංයෝගයක් ද?

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page