top of page
Search

රිදී නිම්නය කඳුළු නිම්නය

  • මාධව විජේසේකර
  • May 30, 2017
  • 1 min read

හඬ : බන්දුල විජේවීර

පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන

තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

රිදී නිම්නය කඳුළු නිම්නය

ඔබය මගෙ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගේ ජීවිතයේ... මීවිතෙන් තොල් මත් ව යනවා ඉන් ම හදවත නිසල වෙනවා නිසල සිතුවිලි විකල් වෙනවා එයින් දිවිය ම සසල වෙනවා... කවුරු කවදා කෙලෙස කීව ද තඹුරු හිරු දුටු විගස නොපිපෙ ද බඹරු වෙනසක් නැතිව සැරුව ද අපට හිමි සැනසුමක් කොහි වෙද...

දවසක් කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් යනවා වික්ටර් රත්නායකයන්ගේ නිවසට වෙනත් කටයුත්තක් සඳහා. ඒ යනවිට බන්දුල විජේවීරයන් සිටිනවා රත්නායකයන්ගෙන් ගීතයක් පුහුණුවෙමින් තමන්ගේ සරල ගී වැඩසටහනකට. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කර දුන් "හිත හීලෑ නෑ" ගීතයයි. මේ වෙනකොට ධර්මවර්ධනයන්, විජේවීරයන්ව හඳුනන්නේ නැහැ.


ගීතය පුහුණුවෙන අතරේ බන්දුලයන් අහනවා "වික්ටර් සර්, අනේ මටත් කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් ලවා ගීතයක් ලියලා දෙන්නකෝ. මට තව ගීතයක් ඉතුරු වෙලා තියෙනවා හදාගන්න." "උඹ මාර මනුස්සයෙක්නේ! එහෙම පුළුවන් ද ගීත හදාගන්න?" යනුවෙන් රත්නායකයන් උත්තර දෙනවා. කෙසේ හෝ ධර්මවර්ධනයන්ගෙන් එතුමා ඉල්ලීමක් කරනවා. "එහෙම පුළුවන්ද ? හදිසියේ ගීත ලියන්න." "අනේ කොහොමහරි එකක් කරලා දෙන්න. බැරිවෙන එකක් නැහැ." "එහෙනම් මට මොකක් හරි දෙන්න ප්‍රවිශ්ඨ වෙන්න කාරණාවක්". මෙසේ කියූ විට රත්නායකයන්ගේ බිරිඳ චිත්‍රා රත්නායක මැතිණියගේ අතේ ඒ වෙලාවේ කරුණාසේන ජයලත් ශූරීන් රචනා කල "රිදී නිම්නය" නම් නවකතාව දෙනවා.

ඒ දුටු ධර්මවර්ධනයන් අතින් මේ පදමාලාව ලියවෙනවා. එතුමා රත්නායකයන්ගේ නිවසෙන් පිට වී යන්නට පෙර මේ ගීතයේ ස්ථායි කොටසේ තනුවත් නිර්මාණය වී අවසන්!

Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page