top of page
Search

සිහිල් සුළං රැල්ලේ

  • මාධව විජේසේකර
  • May 28, 2017
  • 1 min read

හඬ සහ තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

පද : සේන වීරසේකර

සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ... ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ

සුදු වැලි කතරේ පිපුනු මල වගේ

ලොවුතුරු රස ගංගා ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ

සිහිල් සුළං රැල්ලේ...

සීත හිමව්වේ කඳු ගැට අතරේ සෙනෙහස දිය දහරා ඈත හිමේ කඳු අතරේ පාවෙන අමා සුවය පැතුවේ

සිහිල් සුළං රැල්ලේ...

1966 වර්ෂයේදී බණ්ඩාරවෙල ඇත්තලපිටිය මහා විද්‍යාලයෙන් සිය ගුරු භූමිකාව ඇරඹු වික්ටර් රත්නායකයන් අතින් මේ ගීතය නිර්මාණය වූයේ ඒ අවධියේදී දුම්රියෙන් බණ්ඩාරවෙල යන අතරතුරදී. එම තනුවට සේන වීරසේකරයන් මනහර පදමාලාවක් ගොනු කළ අතර එය රසික හදවත් තුළට වික්ටර්ව තව තවත් ලං කරවූ ගීතයක් වුණා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page