Search
පොඩි කුමාරිහාමියේ
- මාධව විජේසේකර
- May 28, 2017
- 1 min read


පොඩි කුමාරි හාමියේ එපා වලව්වට යන්න නියරපිට
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ
කාසි එපා ඔබ හිනාවෙවී ඔහෙ බලා ඉන්නවානම්
නිළමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි
නපුරු වලව්වක කෝමද කෝමල කතා නුඹට ලැබුණේ
වක්කඩ කැඩුවා සේ සිනාසෙන හිනා ගඟුල මැවුණේ
නුඹෙ හිනා ගඟුල මැවුණේ
පොඩි කුමාරි හාමියේ...
කඩා ගන්න බැරිවුණත් හරිම සුවඳයි
නෙරිය කොනේ මඩ තිතක් ඉහින්නට ආසයි නුඹට හොරා
මාල හතක් බැඳ පෝරුව මත ඉඳ නොයන්න ගම හැරදා
නුඹ නොයන් මෙ ගම හැරදා
පොඩි කුමාරි හාමියේ...
අවම සංගීත භාණ්ඩ ප්‍රමාණයක් එනම්, ඩොලැක්කිය හා හාර්මෝනියම් පමණක් යොදාගෙන ගීතයක් නිර්මාණය කළ පළමුවැන්නා ආචාර්ය වික්ටර් රත්නායකයන් ලෙස ඉතිහාසගත වෙනවා. එසේ නිර්මාණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් විරචිත “පොඩි කුමාරිහාමියේ” නම් මේ ගීයයි.
Comments