මං නැතිදා මේ රට ඔබටයි
- මාධව විජේසේකර
- May 22, 2017
- 1 min read


මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි //
රන් නෙර උතුරින් ගිරි පවුරු වළල්ලක් දූපත සරසනවා
මල් බමර බරින් රොන් සුනු වපුරා පින් කෙතට සුවඳ දෙනවා
මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි
පා ගැටෙන තැනින් තැන පළිඟු රුවන් මිණි මුතුලැල් දිදුලනවා
අද මිලින මලක් බිම සරු කරවා හෙට නව මල් පුබුදනවා
මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි //
මේ ගීතය අබේවර්ධනයන් විසින් ලියවාගෙන පැමිණි පසු තම මස්සිනා වන සනත් නන්දසිරි මහතා වෙත ගෙනත් දෙනවා තනුවක් නිර්මාණය කරගන්න.
සනත් නන්දසිරි මහාචාර්යතුමා වචන දැකපු හැටියේ කියනවා "අබේ අපි මේකට ටිකක් සුගායන විදියට හදමු" කියලා.
"නෑ නෑ සනත් අයියේ. මේකට දාන්න ඕන අර ඔයාගෙයි මල්කාන්ති අක්කගෙයි තියෙන්නේ, උඩරට මැණිකේ දුම්රිය මැදිරිය ගීතය, ඒකේ තාලයට මේකේ තනුවත් හැදෙන්න ඕන" කියා අබේවර්ධන බාලසූරිය මහතා කියනවා.
එතුමාගේ ඉල්ලීම නිසාම සනත් නන්දසිරි මහාචාර්යතුමා මේ තනුව යොදනවා. තමන්ගේ මස්සිනා කොච්චර නිවැරදි ද කියා මහාචාර්යතුමාට වැටහෙන්නේ, ගීතය ජනප්‍රිය වූවාටත් පසුයි.
Comments