top of page
Search

පියාණනේ මා

  • මාධව විජේසේකර
  • May 22, 2017
  • 1 min read

හඬ : අබේවර්ධන බාලසූරිය

පද : මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

පියාණනේ මා නැවත උපන්නොත්

අපාර වූ මහ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා

ශිල්ප සතර දී සිහසුන සිදුවා ඔබට අහිමි ලොව මා රජ කරවා// ඈත ඉදන් ඔබ බලා සිටිනේ නැහැ ඔබවන් පියවරු හමුවන්නේ

හිත මිතුරන් මා හැරගිය දවසේ ලොවම එරෙහි වී තනි උනු මොහොතේ// ඔබේ පැලේ නැත දොරගුලු ලන්නේ ඔබේ සෙනෙහේ හද නැත වියලෙන්නේ

මේ ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචනා කලේ තමන්ගේ පියා අසනීප වී රෝහල් ගතව සිටි අවස්ථාවකයි. පියාණන්ගේ රෝගී තත්ත්වය නිසා ඇති වූ කම්පනය එතුමා පද රචනාවකට පෙරලා අබේවර්ධන බාලසූරිය මහතා අතට ලබා දෙනවා.


අබේවර්ධනයන්, පද මාලාව අරගෙන ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙතට ගොස් තනුවක් නිර්මාණය කර දෙන මෙන් ඉල්ලා සිටිනවා. වික්ටර් රත්නායකයන් සර්පිනාව අරගෙන තනුව නිර්මාණය කරන විට අබේවර්ධනයන් පවා ළඟ සිටිනවා.


අබේවර්ධනයන්ගේ විශේෂ හැකියාව නම් ඕනෑම ගීතයක් උපරිම වශයෙන් පුරුදු කිරීමට අවශ්‍ය වන්නේ දෙවරක් පමණයි. ක්ෂණිකව තනුවක් පුරුදුකර ගායනා කිරීමේ හැකියාවක් එතුමාට තිබුණා. ඒ නිසාම ගීත කිහිපයක් වූවත් බය නැතුව එතුමාට පුහුණුකර ගයවන්නට ඕනෑම සංගීතඥයෙකුට එකල හැකිවුණා. මේ ගීතයත් දෙවරකට වඩා පුරුදු කරවන්න ආචාර්ය වික්ටර් රත්නායකයන්ට අවශ්‍ය වූයේ නැහැ.


එතුමා කිසිම දවසක සංගීතය හදාරපු කෙනෙක් නොවෙයි. එවැනි කෙනෙක් මෙහෙම වීම හරිම පුදුමයි නේද?

Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page