top of page
Search

කවුද ආවේ

  • මාධව විජේසේකර
  • May 22, 2017
  • 1 min read

හඬ : අබේවර්ධන බාලසූරිය

සහාය හඬ : නිරංජලා සරෝජිනී

පද : මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

කවුද ආවේ කවුද ආවේ

ඔබට හොරා ඔබ හදේ ඇඳී උන් මිනිස් රුවයි ආවේ

මිනිස් හඬක් නැති මහ මැදුරක් විය තනි මිනිසෙක් වසනා පාළු මකන්නට ඒ මහ මැදුරට ආවෙමි දුර ඉඳලා

කවුද ආවේ කවුද ආවේ ඔබට හොරා ඔබ හදේ ඇඳී උන් මිනිස් රුවයි ආවේ

සදා නො දැල්වූ මිණි පහනක් විය ගනඳුර මැද රඳනා සදා අවුළුවමි එවන් පහන් සිල රන්වන් රූ මවනා

කවුද ආවේ කවුද ආවේ ඔබට හොරා ඔබ හදේ ඇඳී උන් මිනිස් රුවයි ආවේ


1974 වසරේ දී පටිගත කල මේ ගීතය "අබේ - නිරංජලා" සුසංයෝගයේ මූලාරම්භයයි. අබේවර්ධන බාලසූරිය මහතාගේ පලමු ගුවන් විදුලි සරල ගී වැඩසටහන සඳහා යුග ගීතයක් ගැයීමට එතුමා නිරංජලා සරෝජිනි "මෙනෙවියට" ඇරියුම් කරනවා. ඒ වන විට එතුමියත් ගුවන් විදුලි සරල ගී පරීක්ෂණයෙන් සමත්ව තිබුණා. මේ වකවානුවේම මේ දෙදෙනා අතර ආදර සම්බන්ධතාවත් ආරම්භ වී තිබුණ නිසා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ඔවුන් දෙදෙනාටම මේ ගීතය රචනා කර දී තිබෙනවා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page