top of page
Search

අනුරාධපුරය ඔබයි

  • මාධව විජේසේකර
  • May 22, 2017
  • 1 min read

හඬ : අබේවර්ධන බාලසූරිය

පද : මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ

වල් බිහිවන්නට නාරිනු මැන කෙත්යාය නිල දිලෙනා සිඳ බිඳලන්නට නාරිනු මැන තුඟුවාපි රැළි නැගෙනා

අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ

යටගිය ඉසුරයි අහස සිඹින මහ තූප මන බඳනා පොපියන දෙනෙතයි හෙට දවසට මිණි පාන නෙත ගැටෙනා

අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ

මේ ගීතය අබේවර්ධන බාලසූරියන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලවා ලියාගෙන ඇවිත් ආචාර්ය වික්ටර් රත්නායකයන් ලවා තනුවක් නිර්මාණය කරවාගන්න බලාපොරොත්තු වෙනවා. පද මාලාව දෙනගමන් අබේවර්ධන බාලසූරිය මහතා කියනවා, "මේක දේශානුරාගී ගීයක් නේ. ඒ නිසා මේකට තනුව වැටෙන්න ඕන අපි ඔක්කොම රජවරු ගීතයේ වගේ තනුවක්" කියා තිබෙනවා. එතුමා සංගීතය හැදෑරූ අයෙක් නොවෙයි. එනමුත් එතුමාගේ දැනුම පරිකල්පන ශක්තිය කොපමනද කියා එතනින්ම පේනවා නේද?

コメント


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page