පුන්සඳ රෑට ඇවිදින්



පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද.. තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද.. රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව.. නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට.. පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට.. මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට.. මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට... රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන.. රන් මල් යාන හීනෙන් දකින පින පමණ.. තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන.. රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...
රත්න ශ්‍රී විජේසිංහයන් එක්තරා අමාත්‍යාංශයක සේවය කරන කාලයේ දී රාජකාරි කටයුත්තක් සඳහා කහටගස්දිගිලිය පළාතට යන්නට සිද්ධ වෙනවා. එතුමා ඇතුළු පිරිසට වතුර බොන්න අවශ්‍යතාවක් ඇතිවෙනවා. ඔවුන් දකිනවා ලස්සන වටපිළක් තියෙන වී බිස්සක් එළියෙන් තියෙන සාම්ප්‍රදායික ගැමි ගෙදරක්.
ඒ ගෙදර හිටියේ අවුරුදු 80ක් විතර වයස අම්මා කෙනෙක්. ඇය හරිම ප්‍රියමනාපයි. තරුණ කාලේ ඉතා රූමත් ව ඉන්න ඇතැයි දුටුවාම හිතන්න පුළුවන්. ඉතින් වතුර ටිකක් ඉල්ලගෙන බොනකොට, විජේසිංහයන් අහනවා "කෝ අම්මේ, දරුවෙක් වත් නැද්ද?" කියලා. "නෑනේ පුතේ, අපේ උන්දැට උවමනාවක් තිබුණේ නැහැ. අමුඩේ ගහගෙන හැමදාම උදේම හේනට යනවා රෑට එන්නෙත් නෑ. කිසිම උවමනාවක් තිබුණේ නැහැ." යනුවෙන් ඇය උත්තර දෙනවා.
මේ සිද්ධිය නිමිති කරගෙන තමයි රත්න ශ්‍රී විජේසිංහයන් අතින් මේ ගීතය නිර්මාණය වෙන්නේ. නිරෝෂා විරාජිනී ගායිකාව තමන් ක්ෂේත්‍රයට පැමිණී මුල්ම යුගයේ ගැයූ ගීතයක් ලෙස අපට මතකයේ මේ ගීතය රැඳිලා තියෙනවා.






































Comments