දම් පාටින් ලා




දම් පාටින් ළා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නෑෙඟයි දෑසට ළංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නෙමි මම්
සෙවණැලි නොමැකේ නම් එළිය කළු නොවේ නම් බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි එනතුරු සොයා මගේ සෙනෙහස මතු දා
රෑ කල දිගු වේ නම් ළා සඳ නොමැකේ නම් නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් සේ ළමැද තලා යහනේ ඉන්නම් පමා වෙලා හිරු නැගෙන තුරා
ලූෂන් බුලත්සිංහලයන් පාසල් යන කාලේ තරුණියකට පෙම් කළා. එතුමා පේරාදෙණි විශ්ව විද්‍යාලයට ගියාම එතුමා පේරාදෙණියේ. තරුණිය කොළඹ. බුලත්සිංහලයන් නිවාඩුවට කොළඹ ආවම වෙසක් දවසක දෙදෙනා මුහුදු වෙරළේ ඇවිදින්න ගියා. එදා මුහුදට හඳ වැටෙනවා බුලත්සිංහලයන් දැක්කේ දම් පාටින්. පෙම්වතියගෙන් වෙන්වෙලා ආපහු යනවා කියලා කියනකොට ඇතිවුණු සිතුවිල්ල තමයි මේ නිර්මාණයට වස්තු බීජ වුණේ. ඒත් ඒ පේ‍්‍රම සම්බන්ධය හරි ගියේ නැහැ.
මේ ගීතය මුලින්ම ගායනා කරලා තියෙන්නේ, ඔස්ටින් මුණසිංහයන් සහ අනුලා බුලත්සිංහල මහත්මියයි. පසුව ගුණදාස කපුගේ මහතා සහ මාලනී බුලත්සිංහල මහත්මිය මේ ගායනා කරන අතර මෙය ගුණදාස කපුගේ ශූරීන්ගේ පළමු යුග ගායනයි.






































Comments