top of page
Search

කිරුළ මුතු ලිහී

  • මාධව විජේසේකර
  • May 21, 2017
  • 2 min read

හඬ : ජානක වික්‍රමසිංහ

පද : රත්න ශ්‍රී විජේසිංහ

තනුව : එච්. එම්. ජයවර්ධන

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා

සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා තන තන තාන තම් දෙනා තන තන තාන තම් දෙනා දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති වන්නමක් සේම සුමිහිරි තානමක් නැති සකියණි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි සකියණි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි කිරුළ මුතු ලිහී... රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති නළල් පට මාල හත් පට සින්න වී ඇති සකියණි රිදී කාසි සොලවන්නට බෙර පදය මදි සකියණි රිදී කාසි සොලවන්නට බෙර පදය මදි කිරුළ මුතු ලිහී...


මේ ගීතයට පදනම් වෙලා තියෙන්නේ කලාශූරී ආචාර්ය ශ්‍රී ජයනා නම් නර්තන ශිල්පියාණන් වෙනුවෙන් පවත්වපු උපහාර උත්සවයක් අවසානයේ රත්න ශ්‍රී විජේසිංහයන් දැකපු දෙයක්. ශ්‍රී ජයනා ගුරුන්නාන්සේ කියන්නේ, අපේ රටේ හිටපු ප්‍රවීණ නර්තන ආචාර්යවරයෙක්. කෙතරම් ප්‍රවීණයෙක් ද කියනවා නම් අපේ රටේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සහ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මෙතුමාගෙන් සුදර්ශියේ නර්තනය ඉගෙනගත් සිසුවෝ.


ඉතින් මෙතුමාට 1992 වසරේ දී විශාල උපහාර උත්සවයක් පැවැත්වූවා. එතුමාට කලාශූරී සම්මානය පවා එවකට ජනාධිපතිව සිටි ප්‍රේමදාස මැතිතුමා අතින් ලැබෙනවා. අපේ මේ ගීතය රචනා කල රත්න ශ්‍රී විජේසිංහයන්ටත් ඒ අවස්ථාවට සහභාගී වෙන්නට ආරාධනාවක් තිබුණා. ඊට හේතුව, ශ්‍රී ජයනා ගුරුන්නාසේගේ උපහාර ගීතය රචනා කල නිසා.


රාජ්‍ය නායකයෝ ඇවිත්, එතුමාට උස්සගන්න බැරි තරමේ අඩි තුන හතරක් උස සම්මානෙකුත් දීලා, විශාල ගුණකථන පවත්වලා උත්සවය ඉවර කරලා තමන්ගේ වාහනවලට නැගිලා යන්න ගියා. රත්න ශ්‍රී විජේසිංහයනුත් එතැනින් පිටවෙලා බෞද්ධාලෝක මාවත පැත්තට එනවා. (මට හිතෙන්නේ මේ උත්සවය තියලා තියෙන්නේ එක්කෝ BMICH එකේ නැත්තන් සුදර්ශියේ) සිහින් හිරි පොදක් වැටෙනවා. පාරේ දුටු දෙයින් ඔහු මවිතයට පත්වෙනවා. ශ්‍රී ජයනා ගුරුන්නාන්සේ, අර වැස්සේ තෙමි තෙමී තමන්ට උස්සගන්න බැරි සම්මානයත් වකුටු කරගෙන දෙකට තුනට නැමිලා බස් එකක් එනකම් බලාගෙන ඉන්නවා. එතුමා ගැන ගුණකථන කරපු රාජ්‍ය නායකයෝ වාහනවලින් නැගලා ගියා. හැබැයි උපාහාර ලබපු අපේ නර්තන ශිල්පියාණන් බස් එකක් එනකම් සම්මානෙත් අතේ තියාගෙන වැස්සේ තෙමෙනවා.


අපේ රටේ ගොඩක් කලාකරුවන්ට අවසාන කාලයේ අත්වෙන ඉරණම මේකද?

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page