දඟකාර ඔය දෑස දුටුවා එදා


දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා දසුනින්ම හසුනක් මවා.. උදයේ හවා ඔබ හමු වී එදා දෙඩුවා බැඳීලා සෙනේ දෙකොපුල් විලේ හසරැල් පිපී සතුටින් කල් යා වුණා.. සසරේ සදා අප බැඳෙමුයි පතා වැඩුණා හදේහී සෙනේ නිලුපුල් නෙතේ හසරැල් මැකී කඳුලින්ම වෙන් වී ගියා..
සනත් නන්දසිරි මහතාගේ පූර්ව නිර්මිත තනුවකට මේ ගීතය සුනිල් ගුණවර්ධන මහතා අතින් රචනා වෙන්නේ 1979 සැප්තැම්බර් 30 දිනයි. ඒ ගුණවර්ධන මහතා පිය පදවිය ලැබූ දිනයේ දී යි. මේ ගීතය රචනා කරන්න ගුණවර්ධන මහතාට අවස්ථාව ලබා දී තිබෙන්නේ මල්කාන්ති නන්දසිරි මහත්මියයි.
පූර්ව නිර්මිත තනුවට වචන යොදන්න එතුමාට කිසිම අදහසක් ආවේ නැහැ. නන්දසිරි මහතාම ගුණවර්ධනයන්ට යෝජනා කරනවා, "මල්ලියේ ඇස් දෙකෙන් ලියුමක් ලිව්වා කියන හැඟීම ඇතිවෙන්න ලියමු" කියලා. නමුත් මේ ගීතයේ ප්‍රබලම වදන් පෙල නම් ඇත්තටම සනත් නන්දසිරි මහාචාර්යතුමාගේ ම අදහසක්. සුනිල් ගුණවර්ධනයන් පවසන පරිදි, එතුමා නිවසේ නාන කාමරයේ ඉඳගෙනම කෑගහලා කිව්වලු, "මල්ලියේ! ඔතනට දසුනින්ම හසුනක් මවා කියලා යොදමු." කියලා!!!






































Comments