top of page
Search

කන්ද කෙන්ද කරනු පිණිස

  • මාධව විජේසේකර
  • May 19, 2017
  • 2 min read

හඬ : විශාරද මාලනී බුලත්සිංහල

පද : ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව : එච්. එම්. ජයවර්ධන

කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා

අන්ද මන්ද ගන අඳුරේ කෙන්ද පටලැවීලා

කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

ගහේ පිපුන මල් සේරම බඹරුන්ටත් දීලා බලා හිඳී ගසක් ඔහේ සුලගේ හිනහීලා බඹරු වෙතත් දෙබරු වෙතත් ගහ නැහැ කැළඹීලා ඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අසලා

කුණාටු සුළි සුළං වැදී ගහකොල පෙරලාවි මුල හොඳ නම් ගසක් මුලදි කුනාටු පරදිවී ගහේම මල් බුදු පුදටත් නෙළා රැගෙන යාවී ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී

මේ ගීතයෙන් කියවෙන්නේ මාලනී බුලත්සිංහල මහත්මියගේ සත්‍ය සිදුවීමක්. කාලයක් එතුමිය ආනන්ද බාලිකාවේ සංගීත ගුරුවරියක් විදිහට සේවය කරන කොට එක් සිසුවියක් සමඟ සමීපව ඇසුරු කරාලු, ඒ ශිෂ්‍යාවගේ ගෙදර අය පවා ගොඩක් ලෙන්ගතු උනාලු.


කාලයක් යනකොට මාලනී මහත්මියට ටිකක් දුර පලාතකට ප්‍රසංගයකට ආරාධනා ලැබුනාලු, ඇයට ඒ ප්‍රසංගයට යන්න වෙන්නේ ටිකක් පරක්කු වෙලා. තවත් ගමනක් යන්නට සූදානම් වෙලා ආපු මාලනී මහත්මියට ගීත ගායනා කරන්න ගොඩක් වෙලා ඉන්න වෙනවා කියල සංවිධායක මණ්ඩලය දැනුම් දුන්නත් ඇයට තවත් වැඩකට යන්න තිබුන නිසා පොඩි සහයක් ලබාදෙන්න කියල‍ා ඉල්ලුවාලු.


මුලින් ඉන්න ගායක ගායිකාවෝ කවුරු හරි කැමතිනම් එයාගේ වෙලාව තමන්ට ගන්න පුලුවන් කියලා සංවිධායක මණ්ඩලය කියපු නිසා ඇය ඉක්මනින් ගායක ගායිකා නාමලේඛනය පරික්ෂා කරන කොට ඇගේ හිතට සතුටක් දැනුනේ පෙර කී ශිෂ්‍යාවගේ නම ලේඛනයේ තිබුණු නිසයි.


මාලනී මහත්මිය ඉක්මනින් ඒ සිසුවිය හොයාගෙන යන්නේ ඇයගෙන් ඒ උපකාරය ලබාගන්න. නමුත් සිදුවුණේ නොසිතු දෙයක්. සිසුවිය ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා වගේම ඇගේ පවුලේ අයත් එතුමියගේ හිත රිදෙන දේවල් කීවලු.


කොහොම උනත් අවසානයේ මාලනී මහත්මියට ප්‍රසංයේ අවසානයට තමයි ගීත ගායනා කරන්න ලැබෙන්නේ. මේ ප්‍රසංගයට ප්‍රේමකීර්ති මහත්මයත් ඇවිත් හිටියලු ඇය මේ කතාව එතුමාට කීවේ කදුලු පිරුණු දෙනෙතින්. ඒ අවස්ථාවේ ප්‍රේමකීර්ති මහත්තයා කොලයක් අරන් මෙහෙම ලීවලු.

කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page