නෙතු පියන් පියා
- මාධව විජේසේකර
- May 7, 2017
- 2 min read



නෙතු පියන් පියා මුතු දසන් වසා
නිදි දැහැන් වැදී කුමරී
සිහිනයෙන් ඇවිත් මා ළඟින් හිඳී
මවු පියන් බලා නොයිඳී
කැට මුගුරු වැදී තටු සඟල බිඳී
ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ
සිහිනමුවාවෙන් තටු සලා වරෙන්
සුදු ප්‍රාර්ථනා වෙත කුමාරියේ
නෙතු පියන් පියා...
ඉරිසියා හිතී බොරු ගොතා කියූ
ඒ සුරංගනාවන් නිදා සිටී
හිරුට මුහුණලා පියාඹපන්
සුදු ප්‍රාර්ථනා වෙත කුමාරියේ
නෙතු පියන් පියා...
මේ ගීතය ඉතාමත් විශේෂිත ගීතයක්. ඒකට කාරණා ගොඩක් තියෙනවා. මේක තමයි අපේ ප්‍රවීණ ගේය පද රචක, සාහිත්‍යවේ දී රත්න ශ්‍රී විජේසිංහයන් අතින් රචනා වී ගුවන්විදුලියේ ප්‍රචාරය වූ මුල්ම ගීතය මෙන්ම බණ්ඩාර අතාවුදයන්ගේ පළමු ගීතය වූයේ ත් මෙයයි. මේ ගීතයේ කියවෙන්නේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ප්‍රේම කතාවයි.
ඒ වෙනකොට රත්න ශ්‍රී විජේසිංහයන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන කාලේ. වයස අවුරුදු 17ක් විතර ඇති. (1970 දී) එතුමා නේවාසික වෙනවා ගාලූ කොටුවේ ලේන්බාන් වීදියේ වූ නිවෙසක. එම නිවසේ දෙමහල්ලන්ගේ සුරුපී දියණිය "ශිරානි හේමමාලි පීරිස්", රත්න ශ්‍රී නම් සිසුවාගේ නෙත සිත පැහැර ගන්නට සමත්වෙනවා. දෙදෙනා අතර ආදරයක් මෝදු වෙන්නට ගන්නවා. නමුත් මේ සම්බන්ධයට හේමමාලිගේ දෙමාපියන් දැඩි සේ විරුද්ධ වෙනවා. කොයිවෙලේවත් බලාගෙන ඉන්නේ දෙදෙනා කතා කරනවාද නැද්ද කියන එකයි.
ඉතින් ඒ නිසා රත්න ශ්‍රී විජේසිංහයන් සිහිනයක් හදාගන්නවා. සිහිනයකදී කාටවත් විරුද්ධ වෙන්නට පුළුවන් කමක් නෑනේ. මෙහි තිබෙන අපූරු වචන පෙළක් තිබෙනවා. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ම වචන වලින් කියනවා නම් මෙතන "මුතු දසන් වසා" කියලා ලිව්වාට ඒ වෙනකොටත් ඇගේ ඉස්සරහා දත් දෙක ම පණුවෝ කාලා ලු තිබිලා තියෙන්නේ!!!!!!!!
කැට මුගුරු වැදී තටු සඟල බිඳී කියලා අදහස් කරලා තියෙන්නේ බොහෝ දෙනාගේ තර්ජන බාධක නිසා ඇයට මුණ ගැසෙන්න විදිහක් නැහැ. සිහිනමුවා කියලා එතුමා මේකේ තද්ධිත පදයක් නිර්මාණය කරගෙන තියෙනවා. ගීත රචකයින් ට එහෙම කරන්න අවසර තියෙනවානේ. සිහිනමුවාවෙන් තටු සලා වරෙන් කියන්නේ සිහිනයෙන් හදාගත් තටුවලින් ඉගිල්ලිලා එන්න කියන එක. ඉරිසියා හිතී බොරු ගොතා කියූ කියලා අදහස් කරන්නේ මේ ආදර කතාවට විරුද්ධව අවට සිටි බොහෝ දෙනා කේලාම් කියලා තියෙනවා. ඒ හැමෝම දැන් නිදි. පියාපත් සලා මා වෙත ට දැන් එන්න.
ඉතින් ඇත්තටම මේ දෙදෙනා කොහොමහරි ප්‍රේමය ජයගත්තා. ආදරණීය ලස්සන පවුල් ජීවිතයක් ගත කලා. දියණියන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර මව්පියන් වූවා. එසේ ආදරණීය බිරිඳක් ව සිටි හේමමාලි විජේසිංහ මහත්මිය 2012 අගෝස්තු 26 දා හදිසියේ අභාවප්‍රාප්ත වෙනවා. අපි ඇයට නිවන් සුව පතමු!!!

ඉතින් දැන් මේ පද මාලාව ඊට අවුරුද්දකට පස්සේ, 1971 වසරේ දී, ගුවන්විදුලියේ "නව පද මාලා" වැඩසටහනට රත්න ශ්‍රී විජේසිංහයන් තැපෑලෙන් යවනවා. මේ වැඩසටහන එකල ආධුනික ගී පද රචකයින්ට වෙන්වූ වැඩසටහනක්. එහි නිෂ්පාදකවරයා වූයේ විශාරද ගුණදාස කපුගේ මහතායි.
මේ වෙනකොට බණ්ඩාර අතාවුදයන් රජයේ සංගීත විද්‍යාලයෙන් සංගීතය හදාරා ගුවන් විදුලි සරල ගී පරීක්ෂණයෙන් සමත්ව සිටියා. ඉතින් ඒ කාලයේ දී ම මේ නව පද මාලා වැඩසටහනේ ගීතයක් ගයන්න එතුමාට අවස්ථාව ලැබෙනවා. කපුගේ ශූරීන් එතුමාගේ මිත්‍රයෙක්. ඉතින් මේ පද මාලාව එතුමාගේ අතට අහම්බයෙන් ලැබෙනවා. එහි යටින් ම නම සඳහන් වෙලා තිබුණේ තෙල්ලඹුරේ රත්න ශ්‍රී විජේසිංහ යනුවෙන්. අතාවුදයන්ගේ ම ඉල්ලීමට කපුගේ ශූරීන් ඉතා ම මධුර තනුවක් යොදලා තිබෙනවා.
Comentários