අපි ආයෙත් හමුනොවුනා නම්



අපි ආයෙත් හමු නොවුනා නම්
ඉස්‌සර දවසක මියගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුණා නම්
ඔබ නොහඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි //
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි
අපි ආයෙත් .....
සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ //
ආදරයේ කඳුළින් මියයන්නට
ජීවිත ඉරණම විසඳෙන්නේ
අපි ආයෙත් .....
මේ ගීතය හැදෙන්නේ 1975 දී. මේ ගීතයේ විශේෂත්වය තමා ආචාර්ය අජන්තා රණසිංහයන් සෝමතිලක ජයමහ ශූරීන්ට රචනා කර දුන් එකම ගීතය. ඒ වගේම මෑතක් වනතුරු ම ආචාර්ය වික්ටර් රත්නායකයන් ජයමහ ශූරීන්ට තනු නිර්මාණය කල එකම ගීතය වූයේ ද මෙයයි. මෑතක දී එතුමා තවත් ගීයක තනුවක් ජයමහ ශූරීන්ට නිර්මාණය කලා කියලා දැනගන්න ලැබුණා. කෙසේ නමුත්, ලාංකීය ගීත ඉතිහාසයේ සෝමතිල ජයමහ - අජන්තා රණසිංහ - වික්ටර් රත්නායක ත්‍රිත්වය එකට එක්වූ එකම අවස්ථාව මෙයයි. මේ ගීතය කොච්චර ජනප්‍රිය ද කිව්වොත් විශ්ව විද්‍යාල ප්‍රසංගවල දී ජයමහ ශූරීන්ට මේ ගීතය ගයන්න තියෙනවා නම් දෙපාරක් ම ගයන්න සිද්ධ වෙච්ච වාර අනන්තයිලු.






































Comments