top of page
Search

ලෙන්චිනා මගෙ නංගියේ

  • මාධව විජේසේකර
  • May 4, 2017
  • 1 min read

හඬ : සුනිල් එදිරිසිංහ

පද : රත්න ශ්‍රී විජේසිංහ

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ //

පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායලා ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා ලෙන්චිනා මගෙ... // පින්වතුන් කැල ඇන්ද සළුපිලි සේදුවා නුඹ සේදුවා තාම නෑ කිලිකුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබලනා ලෙන්චිනා මගෙ...//

රත්න ශ්‍රී විජේසිංහයන්ට, උණවටුනේ ගුරු විද්‍යාලයේ දේශකවරයෙක් ලෙස කටයුතු කරන කාලයේ දී 1987 වසරේ පැවැත්වෙන ප්‍රථම පළාත් සභා මැතිවරණයේ එක්තරා ඡන්ද මධ්‍යස්ථානයක, මධ්‍යස්ථානාධිපති ලෙස කටයුතු කරන්න සිද්ධවෙනවා. එතුමාගේ සහායට 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලබාදෙනවා. නමුත් එවකට රටේ පැවති භීෂණකාරී වාතාවරණය නිසා ඔහුගේ සහායට එන්නේ 4 දෙනෙක් පමණයි.


ඉතින් උදෑසන 7.00 ට ඡන්දය ආරම්භ වෙනවා. විවිධ තරුණ තරුණියන් තම ඡන්දය ප්‍රකාශ කරන්න එනවා. මධ්‍යස්ථානාධිපති ලෙස විජේසිංහයන් ඒ පැමිණෙන අයගේ නම් ලැයිස්තුවෙන් බලා හඬ නගා නිවේදනය කරනවා. එවිට ඔහුට ලැබෙන්නේ අපූරු ප්‍රතිචාර. සමහරු රවනවා, ඔරවනවා. සමහරු අහක බලාගන්නවා. තවත් සමහරු පයේ මාපටැඟිල්ලෙන් පොලව හාරනවා. ඇයි මේ? තමන්ගේ නම ප්‍රසිද්ධියේ හඬ නඟා කිව්වාම ඒ අයගේ පෙළපත් වාසගම් ඔක්කෝම කියවෙනවා. ඉතින් පහත් යැයි සම්මත අයගේ වාසගාම් කියවෙන කොට ඒ අයට ලැජ්ජයි.


මේ නිසා රත්න ශ්‍රී විජේසිංහයන් තමන්ට මේ ගැන මොකද්ද කරන්න පුළුවන් කියලා කල්පනා කරනවා. එතුමාට ආසන්න නගරය අම්බලන්ගොඩ. එහේ ඉන්න ගුණදාස ගුරුන්නාන්සේගේ කෝලම් කුට්ටමේ ඉන්න ජස ලෙන්චිනා මුහුණු දෙක එතුමාට මතක් වෙනවා. ජස-ලෙන්චිනා කෝලමේ එන කතා පුවත සහ නාද රටාව මුල්කරගෙන එතුමා මේ ගීතය ලියනවා.

මෙයට තනු නිර්මාණය කලේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. මේ ගීතය නිර්මාණය කරනවිට එතුමාත් විජේසිංහයනුත් මුණ ගැසෙන්නේ නෑ. පදමාලාව දුටු විට රෝහණ වීරසිංහයන්ට මතක් වෙන්නෙත් ජස-ලෙන්චිනා කෝලමේ නාද රටාවමයි. එයම ඇසුරු කර එතුමා තනුව නිර්මණය කරනවා. බලන්න කලාවේ තිබෙන උචිත බව.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page