සූසැට බරණින් සැරසීලා
- මාධව විජේසේකර
- May 3, 2017
- 1 min read


පද රචනය : ජයරත්න ගමගේ
සූසැට බරණින් සැරසීලා
නා කපනා වැහි වැටෙන වෙලේ
විසාකා තොමෝ පැමිණි විලාසෙන්
මට එන්නට බෑ නිසංසලේ //
පමා වුණෝතින් මන්දාරම් යකු
පලාපු දර ටික තෙමා දමාවී
පමා වුණෝතින් රත්තියි පැටියයි
ඕවිට අයිනේ තෙමී නැහේවී
සූසැට බරණින් සැරසීලා...
පමා වුණොත් දොල දෙගොඩ තලාලා
ඒ දඬු මංකඩ අගුල දමාවී
එහොම වුණෝතින් උපුලියි චූටියි
කඳුළු වතුර බී බලා ඉඳී වී
සූසැට බරණින් සැරසීලා...
මේ ගීතය ලියලා තියෙන්නේ ජයරත්න ගමගේ මහතා විසින්. එතුමා මේ ගීතය රචනා කරලා තැපෑලෙන් නීලා වික්‍රමසිංහයන්ට එවනවා. ඉතින් නීලා වික්‍රමසිංහ මහත්මිය මේ ගීතය තෝරාගන්නා විට මෙහි පද මාලාවේ වෙනසක් කරලා තියෙනවා. මුලින්ම මේකේ තිබිලා තියෙන්නේ,
සූසැට බරණින් සැරසීලා
නා කපනා වැහි වැටෙන වෙලේ
පියෙන් පියට පියවර ඔසවාලා විසාකා තොමෝ පැමිණි විලාසෙන්
මට එන්නට බෑ නිසංසලේ
නමුත් තුන්වෙනි පේලියේ chorus ටිකක් දිග වැඩි වීම නිසා තාල රූපයට නොගැලපෙන නිසා වික්ටර් රත්නායකයන් නීලා වික්‍රමසිංහයන්ට කියනවා "නංගෝ අපි මේ කොටස අයින් කරමු. එතකොට ගැලපෙනවා." අවසානයේ දී පියෙන් පියට පියවර ඔසවාලා කියන කොටස ඉවත් කරලා තමයි ගීතය නිර්මාණය වුණේ.
කොහොම හරි ගී පද රචක ජයරත්න ගමගේ මහතාව නීලා විකමසිංහයන් දැකලා තිබුණේ නෑ. වසර 18කට පසු එක්තරා ප්‍රසංගයක දී තමයි එතුමාව නීලා වික්‍රමසිංහයන්ට මුණ ගැසී තිබෙන්නේ.
Yorumlar