top of page
Search

විකසිත වත කමලේ

  • මාධව විජේසේකර
  • May 3, 2017
  • 1 min read

හඬ : මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

තනුව : ක්ලැරන්ස් විජේවර්ධන

පද : කැමිලස් පෙරේරා

විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසලේ.. ලදුනේ මා දකිනා සිහිනේ හද සැලුනා... විකසිත වත කමලේ... ඈත නීල අහසේ පාට දේදුණු දහසක්‌ පායාලා මාගෙ ජීවිතේ සැණකෙලියක්‌ වාගේ ඒ ආදරේ... විකසිත වත කමලේ... දෑස සිහින රේඛා කීවේ නෑසු රහසක්‌ කොඳුරාලා මාගෙ ජීවිතේ මල් උයනක්‌ වාගේ ඒ ආදරේ.. විකසිත වත කමලේ...

මේ ගීතයේ තනු නිර්මාණය කරලා තියෙන්නේ, ක්ලැරන්ස් විජේවර්ධනයන්. එතුමාගේ තනුවට තමා කැමිලස් පෙරේරා මහතා පද රචනය කරලා තියෙන්නේ.


මේ තනුව පුරාවට ම විශේෂ ගිටාර් වාදනයක් තියෙනවා. එය Stratocaster Guitar නම් ඉලෙක්ට්‍රික් ගිටාර් වර්ගයෙන් Muted Guitar කියන technique එකෙන් වාදනය වෙන්නේ. එය ශ්‍රී ලාංකික ගීතවල එකල යොදාගත් විශේෂ technique එකක්. මෙහි ඩ්‍රම්ස් වාදනයෙනුත් ඉතා ලස්සන drum roll එකක් වදිනවා.


මුල් ම පටිගත කිරීමේ දී ඩ්‍රම්ස් වාදනය කරලා තිබෙන්නේ, ශ්‍රීකාන්ත දසනායක මහතා. ගිටාර් වාදනය කරලා තියෙන්නේ අර්නස්ට් සොයිසා මහතා.

Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page