Search
රත්තරන් නෙත් දෙකින්
- මාධව විජේසේකර
- May 3, 2017
- 1 min read



රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන් // තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ පාළුවේ වෙලී හඩාවැටෙද්දි ජීවිතේ මා දිහා ලගාව ඉන්න රත්තරන් මගේ රත්තරන් නෙත් දෙකින්... මාරුතේ හමා වනේ මල් උයන් දිගේ පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ වේදනා නිවි ඔබේ සුනීල නෙත් විලේ ජීවිතේ සිනා නඟාවි සෙනෙහසින් හදේ
රත්තරන් නෙත් දෙකින්...
1979 දී ටී. එම්. ජයරත්නගේ ප්‍රථම කැසට් පටියට තමා මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. කැසට පට යුගය ගත්තාම ලංකාවේ පළවෙනි කැසට් පටය සඳහා ගීත ගැයුවේ මිල්ටන් මල්ලවාරච්චි මහතා. ඊට පස්සේ දෙවැන්න ප්‍රියා සූරියසේන මහතාගේ. තුන් වැන්න ටී. එම්. ජයරත්නයන්ගේ.
Comments