top of page
Search

මේ ප්‍රථම වසන්තයයි

  • මාධව විජේසේකර
  • May 3, 2017
  • 2 min read

හඬ : මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි

පද : කුලරත්න ආරියවංශ

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

මේ ප්‍රථම වසන්තයයි දිවි අ‍රනේ මධු මල් පිපෙනා බිගු රැව් නැගෙනා... මේ ප්‍රථම වසන්තයයි

තරු මැවෙන තුරා නිදිබර අඹරේ සඳු නැගෙන තුරා සිටියදි අදුරේ ඔබ සුසුම් සදක් සේ පායා පහන් රැයක් වී ආවේ...

මේ ප්‍රථම වසන්තයයි...//


සිත පවස දරා මිරිගුව අතරේ දිය පහස පතා සිටියද කතරේ ඔබ සිහිල් දොලක් සේ පාවී වසන්තයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි...//


සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තමන්ගේ ආදරණීය ගුරුතුමා වූ මහාචාර්ය සනත් නන්දසිරි මහතාට එතුමාගේ ගායන ශෛලියෙන් බැහැර වූ අලුත් ගීතයක් හදලා දෙන්න ඕනේ කියලා ආචාර්ය රෝහණ වීරසිංහයන් කල්පනා කරනවා. ඉතින් මේ ගීතයේ සංගීතය, මර්වින් බෙන්ස් ශබ්දාගාරයේ පටිගත කරලා තිබුණා. ඒ අවස්ථාවේ සනත් නන්දසිරි මහතා ඉඳලා නැහැ. ඒ නිසා රෝහණ වීරසිංහයන් guide එකකට තමාගේ හඬින් ගීතය ගායනා කරලා තියලා තම ගුරුතුමාට කියනවා "සර්, මම guide එකකට sing කරලා තියෙන්නේ, සර් studio එකට ගිහින් track එකත් අහලා කියන්න" කියලා.


පහුවදා studio එකට යනවිට පද රචනය කල කුලරත්න ආරියවංශ මහතාත්, සනත් නන්දසිරි මහතාගේ දිගු කාලීන මිත්‍ර මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයනුත් ඉන්නවා. රෝහණ වීරසිංහ එම අවස්ථාවේ හිටියේ නැහැ. "කෝ රෝහණ?" සනත් සර් අහනවා. "රෝහණ තව ටිකකින් එයි. සනත් සර් ආවාම කියන්න කියලා කිව්වා. සර් හරියට වැඩේ කරයි කියලත් කිව්වා". තමන්ගේ ගුරුතුමා ගැන විශ්වාසය නිසාම එදා රෝහණ වීරසිංහයන් එසේ කියා තිබුණා. කුලරත්න ආරියවංශ මහතාටත් හදිසි ගමනක් එදා යන්න තිබුණ නිසා මේ ගීතය ඉක්මනින්ම පටිගත කරන්න පටන්ගත්තා. මේ අතරවාරයේදී රෝහණ වීරසිංහයනුත් එනවා. ගීතය පටිගත කර අවසන් වූ වහාම හැමෝම කිව්වේ, "සර් බය වෙන්න එපා. මේ ගීතය ෂුවර් එකටම ජනප්‍රිය වෙනවාමයි". සනත් නන්දසිරි මහතා එයට ප්‍රතිචාර නොදැක්වූවත් එතුමාගේ හිතෙත් ඒ බලාපොරොත්තුව තිබුණා.


අවුරුද්දක් විතර ගතවෙනවා. ෂුවර් එකටම ජනප්‍රිය වෙනවාමයි කිව්ව ගීතය කිව්ව තරම් ජනප්‍රිය වෙලා නැහැ. රූපවාහිනියෙත් ගුවන්විදුලියෙත් ප්‍රචාරය වෙනවා. ජනප්‍රිය බවට ළකුණක්වත් නැහැ. මේ අතරේ එක්තරා ආධුනික ගී ප්‍රසංගයක කරාබු මාල දාගත්ත ලස්සන කඩවසම් තරුණයෙක් ඇවිත් මේ ගීතය ගයනවා. ඔහු මේ ගීතය ගැයුවා විතරයි එක රැයින් ගීතය ජනප්‍රිය වෙනවා. සනත් නන්දසිරි මහතා අවුරුද්දක් පුරා ගැයුවත් ජනප්‍රිය නොවුණු මේ ගීතය ආධුනික ගායකයෙක් නිසා hit වෙනවා. අවසානයේ දී ඒ නිසාම සනත් නන්දසිරි මහතාට මේ ගීතයෙන් ජනප්‍රියත්වයක් එනවා. ඉතින් තමන්ට මේ උදව්ව කරපු ඒ තරුණයාව සනත් නන්දසිරි මහතා තාම හොයනවා ඔහුට හැකි උපකාරයක් කරන්න.

Kommentare


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page