දෑතට වළලු
- මාධව විජේසේකර
- May 3, 2017
- 2 min read



මේක තමා නීලා වික්‍රමසිංහයන්ගේ අයිකන ගීතය කියලා මට හිතෙන්නේ. එතුමිය ඇත්තටම ගුවන් විදුලියේ ජන සංගීත පර්යේෂණ අංශයේ A ශ්‍රේණියේ ගායිකාවක් ලෙස පරීක්ෂණය සමත් වෙනවා. ඉතින් ජන සංගීත පර්යේෂණ අංශය කිව්වාම අපිට නිතැතින්ම මතක් වෙන නමක් තමයි සී. ද ඇස්. කුලතිලක මහතා. එතුමා තමයි ඒ අංශයේ නිර්මාතෘ. එකල ගුවන් විදුලියෙන් විකාශනය වුණා ජන පර්යේෂණ ගී නමින් වැඩසටහනක්. ඒ වැඩසටහනට එතුමා අපේ ජන සංගීත නාද රටා ගමට ගිහින් ඒ ගැමියන්ගේ හඬින් පටිගත කරගෙන ඇවිත් ඒ ඔස්සේ අලුත් නිර්මාණ බිහිකරපු සංගීතඥයෙක්.
මේ ගීතය බිහිවෙන්නෙත් එහෙමයි. මෙයට පාදක කරගෙන තියෙන්නෙත් පැදුරු මාලයේ කවි. ඒ නාද රටාව ඇසුරින් තමා මේ ගීතය නිර්මාණය වෙන්නේ. පොඩි උදාහරණයකුත් දෙන්නම්.
ඉර සඳ පාන විල කොතැනද තුන් හිරි යා ඉර සඳ පාන විල මෙතැනයි තුන් හිරි යා පන්නන් කරන අඟනෝ කාටත් පිරි යා මට පැදුරක පන් දෙනවද තුන් හිරි යා
හැබැයි මේ ගීතය නීලා වික්‍රමසිංහයනුත් ටී. එම්. ජයරත්නයනුත් යුග ගීයක් වශයෙනුත් දෙදෙනා ඒකල ගීත දෙකක් ලෙසත් ගායනා කරනවා අපිට ඇහිලා තියෙනවා. හැබැයි ටී. එම්. ජයරත්නයන් ගයන ඒකල ගීතයේ පද මාලාව ටිකක් වෙනස්.
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි
උදයට පේළිය සැදිලා එන සැටී රූබර අඟනෝ කර වට ගෝමර මල් පිපිලා ලැම පිට පවලන් පළඳා
බඳේ වැටෙන හිරු තාපය නොදැනෙයි ළඳේ නුඹට තුරු සෙවනැලි හුරු නැත
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි
හිස වට සේලය දවටාලා ඉණ වට ඔසරිය ඇඳලා කුඹුරට සීරුවේ බැසලා තරගෙට සීපද රැව් දීලා
අගේ වඩන රුසිරෙන් සැදි නෙළුමට රඟේ බලන් සැරසෙන සැටි කදිමට
දෑතට වළළු...
මේ ටී. එම් ජයරත්නයන් ඒකල ගීතයක් ලෙස ගයන ආකාරය. හැබැයි මේක Dell Studio වැඩසටහනේ නව සංගීත සංයෝජනයක් එක්ක තමා තියෙන්නේ.
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි
උදයට පේළිය සැදිලා එන සැටී රූබර අඟනෝ කර වට ගෝමර මල් පිපිලා ලැම පිට පවලන් පළඳා
බඳේ වැටෙන හිරු තාපය නොදැනෙයි ළඳේ නුඹට තුරු සෙවනැලි හුරු නැත
උදයට පායන හිරු දෙවියන්ටයි
සවසට පායන හිරු දෙවියන්ටයි
අප ඇති කල අපෙ දෙමාපියන්ටයි
වැඳ වැඳ පින් දෙමි නිවන් දකින්නයි
දෑතට වළළු ...
Hozzászólások