ආදර හැඟුම් - බක් මහ දීගේ (1970)
- මාධව විජේසේකර
- May 3, 2017
- 3 min read



ආදර හැඟුම් ආදර හැඟුම් නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් සැඳෑ අඳුරේ සැලෙන තරු එළි මගේ හද තුළ කරයි විමසිලි නැගෙන ගනඳුර වඩයි සිතුවිලි මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි කිමද මල් කුමරියන්නේ පෙති විදා සතුටින් නොඉන්නේ රහස නැතිවද මං නොදන්නේ තුරුලෙ බමරුන් නොවෙද ඉන්නේ
බක් මහ දීගේ චිත්‍රපටියේ ඇතුළත් වුණු මෙම ගීතය හැදුනෙ කොහොමද ඒ අත්දැකීම රචකයාට ලැබුන විදය හිතනකොටත් පුදුමයි. හොදයි මෙන්න මේකයි කතාව. මේ ගීය රචනා කරපු දයානන්ද ගුණවර්ධන මහතා දීර්ඝ කාලයක ප්‍රේම සම්බන්ධකින් අනතුරුව විවාහ වෙන්න සූදානම් උනා. විවාහ දිනයේ විවාහ උත්සව කටයුතු වලින් පස්සෙ මනාල යුවල සුභ මොහොතින් ගියා හනිමූන් එක ගතකරන්න තානායමට.
ඉතින් තානයමට ගියපු මේ යුවල ඇදුම් මාරුකරගන්න සූදානම් උනා. හොටෙල් එකට ගිහින් මංගල ඇඳුම් ඉවත් කරල මනාලිය බොහොම සැහැල්ලු ඇඳුමකින් සැරසිලා ඉන්නවලු. අපේ මේ ගීත රචක මහත්මයත් බැලුවලු පොඩි වොශ් එකක් දාගන්න. අනේ බලනකොට එයාගේ ඇඳුම් බෑග් එක නැතිලු, අමතකවෙලා දාල ඇවිත්. හරිවැඩේ..... දැන් ඉතින් මොනව කරන්නද අර මංගල ඇඳුම පිටින්ම දයානන්ද මහත්තයා පුටුවක වාඩිවෙලා ඉන්නවා. මනාලිය ඇඳට වෙලා බලාගෙන ඉන්නවා. මෙහෙම ඉන්න ගමන් දයානන්ද මහත්තයා තමන්ගෙ මනාලියගෙ හැසිරීම නිරීක්ෂණය කරනවා ඒ වගේම මනාලියගේ සිතුවිලි මොනවගේද කියල තේරුම් ගන්නත් බලනවා. ඔන්න ඔහොම ඉන්නකොට තමයි මේ ගීතය ලියවෙන්නෙ.
ආදර හැඟුම්// නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම් කිති කවයි හද කිති කවයි ඒ හැඟුම් ආදර හැඟුම්......... මේ කොටසින් කියන්නෙ මෙහෙම තැන් දෙකකට වෙලා ඉන්න, ඇස් වලින් කතා කරන වැඩ අපි කවදාවත් කලේ නෑ නේ. අපිට කරන්න අවශ්‍ය උනෙත් නෑ. නමුත් මොනව කරන්නද ඔයා ඔතන මම මංගල ඇදුම පිටින් මෙතන. දැන් තමා ඔයා ඇස්වලින් මාව අමතනව මට පේන්නෙ. ඒත් මට ඒව නුහුරුයි. ඔයා කවදාවත් මට ඇස් වලින් අමතල නෑ. මගේ හිතට ගතට මොනවදෝ වෙනවා. සැදෑ අඳුරේ සැලෙන තරු එළි මගේ හද තුල කරයි විමසිලි නැගෙන ගණදුර වඩයි සිතුවිලි මේ මගුල් රෑ බිඳෙයි ඉවසිලි........... මනාලියගේ ඇස් අදුරේ දිලෙන තරු වලටයි උපමා කරන්නෙ. තරු කතා කරනව ඇයි මගේ ලගට නොඑන්නෙ කියල. ඒ කියන්නෙ බිරිද ඇස් වලින් ආයාචනා කරනව. රාත්‍රිය එන්න එන්නම වැඩිවෙනව, හැගීම් උද්දීපනය වෙනවා. ඉවසන්න අමාරුයි ඒත් ඉතින් අමාරුවෙන් හරි ඉවසනව ඇරෙන්න වෙන මොනව කරන්නද? කියල හිතල රචකයා උත්සාහ කරනවා මංගල ඇදුම පිටින්ම එතෙනට වෙලා ඉන්න. කිමද ඔබ මල් කුමරියන්නේ පෙතිවිදා සතුටින් නො ඉන්නෙ රහස නැතිවද මං නොදන්නෙ තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ......... දෙවන අන්තරා කොටසේදී තම මනාලියගේ නෝක්කාඩු ස්වරූපය විස්තර කරන්නෙ. ඇය සතුටින් නොසිටින බව "කිමද ඔබ මල් කුමරියන්නේ පෙතිවිදා සතුටින් නො ඉන්නෙ" යන පදයෙන් කියවෙනවා. මධුසමය දවසෙ මනාලියගෙ මුහුණ එන්න එන්නම කණගාටු මුහුණුවරක් ගන්නවා. කණගාටුනොවී කෙහොමද? ඉතින් අපේ මේ ගීත රචක දයානන්ද ගුණවර්ධන මහතා ඒ විදියට මනාලියගෙ මුහුණ සෝකබරිත වෙන්න හේතුව දන්නවා. අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හේතුව තමයි ඈ වෙතට නොපැමිණීම. ඔහු මෙය ගීයෙන් මෙසේ විස්තර කරනවා. "රහස නැතිවද මං නොදන්නෙ තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ".
හනිමූන් එක ගතකරන්න ගියපු අපේ මේ ගීත රචකය හනිමූන් එක පැත්තක තියල කරල තියෙන්නෙ මේ ගීතය ලියපු එක. අන්න ඒවගේ පුදුම විදියේ කලාකරුවො ටිකක් තමයි අපිට අතීතයේ සිටියෙ. මධු සමය ගතකරන මොහොතේ එතුමා ලියපු ගීතය තමා මේ ආදර හැගුම් කියන ගීතය. අපි නම් ලියයි.........!!!
බක් මහා දීගේ චිත්‍රපටිය ගැන සැකෙවින්
තිරගත වූ දිනය – 1969 දෙසැම්බර් 31 (මෙදින පෙන්වනු ලැබූයේ එක් දර්ශනයක් පමණි. මහජන ප්‍රදර්ශනය ඇරැඹියේ 1970 අප්‍රේල් 09 වන දිනදීය)
ඉදිරිපත් කිරීම – ප්‍රභා චිත්‍රපට සමාගම
නිෂ්පාදනය – ප්‍රජාපාල ශ්‍රීී ගුණවර්ධන
අධ්‍යක්ෂණය, කතාව, දෙබස්, තිර රචනය, ගීත ප්‍රබන්ධය – දයානන්ද ගුණවර්ධන (ප්‍රංශ නාට්‍යකරු බොමෘෂේගේ පිගාරෝගේ විවාහය කෘතිය අනුව සකස් කළ ‘බක් මහ අකුණු’ නාට්‍යය ඇසුරින් නිෂ්පාදිතයි)
තිර නාටක රචනය සඳහා උපදෙස් - රෙජී සිරිවර්ධන
කැමරා අධ්‍යක්ෂණය – විලියම් බ්ලේක්
සංස්කරණය - සුමිත්‍රා පීරිස්
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු
නැටුම් අධ්‍යක්ෂණය – කමල් රත්නසිරි
රසායනය – එස්. තිරනාවුකරසු
සැකසුම – විජය චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණය – සෝමදාස ඇල්විටිගල
ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලිනී, අමිතා වැදිසිංහ, වික්ටර් රත්නායක, අතුල සෝමසිරි
ගීත :
ආදර හැඟුම් - ඩබ්ලිව්. ඩී. අමරදේව
මලකින් මලකට – නන්දා මාලිනී
කන්ද උඩින් සඳ – අමිතා වැදිසිංහ
දියට නැමුණු මල් - නන්දා මාලිනී
අවි ගත් මදනායක – වික්ටර් රත්නායක
අහසේ සඳ පායා ආවා - අතුල සෝමසිරි, අමිතා වැදිසිංහ
බක්මහටයි හෙණ විදුලි - වික්ටර් රත්නායක
සරිගමපා - ඩබ්ලිව්. ඩී. අමරදේව
පබලිනෝ උඹ පබළු වැලදෝ
ගන්නම් පලි මම ගන්නම්
නළු නිිළියන් :
අයිරාංගනී සේරසිංහ
ඩැනියෙල් මුතුමාල
ඩී. ආර්. නානායක්කාර
අනුලා කරුණාතිලක
එල්සන් දිවිතුරගම
චන්ද්‍රා කළුආරච්චි
ගැමුණු විජේසූරිය
ධර්මසිරි බණ්ඩාරනායක
දයානන්ද ගුණවර්ධන
ශ්‍රියානි පෙරේරා
ඇලෝයි ඩයස් අබේසිංහ
ලූෂන් පෙරේරා
නිමල් ගම්මුදලි
Comments