top of page
Search

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී

  • මාධව විජේසේකර
  • Jun 25, 2017
  • 1 min read

හඬ : මිල්ටන් මල්ලවාරච්චි

පද : ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව : ක්ලැරන්ස් විජේවර්ධන

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී සිනා සිසී දඟ කරනා දුවේ හර්ෂණී

ජීවිතයේ මාළිගව සතුට පුරා දී මනාව වාසනාව මට ගෙනාව කැකුළු සුවඳ කිරි සිනාව මල් සුවඳයි පින් සුවඳයි

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී දුවේ හර්ෂණී

රෝස මලක පාට ගෑව ආකාසේ හැන්දෑවක ඇත ඇදෙන කුරුළු රෑන ගයන ගීත ඉල්ලාගෙන මුමුනන්නම් නළවන්නම්

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී සිනා සිසී දඟ කරනා දුවේ හර්ෂණී දුවේ හර්ෂණී

ගීතයෙන් කියවෙන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ දෙවන දියණිය වන හර්ෂණී මල්ලවාරච්චි ගැනයි. ගීතය රචනා කළේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා. ගීත රචනාවට පාදක වූ සිදුවීම ඉතා අපූරු කතාවක්.


දිනක් මිල්ටන්ගේ මිතුරු ප්‍රේමකීර්ති මහතා මිල්ටන්ගේ නිවසට යම් කාරණාවක් සඳහා පැමිණෙනවා. එහිදී ඔහුට මිල්ටන්ගේ කුඩා දියණිය සුරතල් කිරීමට අවස්තාවක් ලැබෙනවා. කුඩා දියණිය ඇසුරු කළ කුඩා කාලය තුල ඔහුගේ සිතට පැමිණි සිතුවිලි සමුදාය ඔහු ගීතයක් බවට පත් කරනවා. දියණියගේ නම විමසා සිටි ඔහු මිල්ටන්ගෙන් පෑනක් කොලයක් ඉල්ලා ගන්නවා. හදිස්සියේ කොලයක් සොයාගැනීමට අපහසු වූ මිල්ටන් ඔහුට තම සිගරට් පෙට්ටියේ ඊයම් කොලය ලබා දෙනවා.


එක් වරම ලියා නිමකළ මේ පද මාලාවට පසුව ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ සංගීතය එකතු කර අලංකාර ගීතයක් මිල්ටන් විසින් ගායනා කරනවා. මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ සියලුම දරුවන් වෙනුවෙන් ගැයුණු ගී කිහිපයක් තිබෙනවා. ඒ "දුවේ හර්ෂණී", "දූ නදී හිනැහෙනවා ", "රනිල් පුතේ හිනැහෙන්", "මා දිවිමගේ දිලෙන තාරක පුතේ" යන ගීතයි.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page