top of page
Search

සඳ රේණු ගලන

  • මාධව විජේසේකර
  • Jun 25, 2017
  • 1 min read

හඬ : තීක්ෂණ අනුරාධ

පද : නිලාර් එන්. කාසිම්

තනුව : කසුන් කල්හාර

සඳ රේණු ගලන

සඳ රෑක සිහිනයට

ඔබ ඈත ඉඳන් ඇවිදින්

මගෙ පාළු හිතට

මනමාල කතා කියමින්...

මඳ සීත සුළඟ

මඳහාස නඟන විට

සිත කෝළ වුණිද මෙතරම්

ඒ දැනුණු හැඟුම නොදනිම්

සඳ රේණු ගලන ...

නෙක හීන පුරන

නෙතු දෑල දුලන විට

හිත කීරි ගැහෙන හැටි නම්

ඒ හැඟුම කෙලෙස පවසම්

සඳ රේණු ගලන ...

නිලාර් එන්. කාසිම් විසින් රචනා කරන ලද මේ ගීතය පෙම්වතෙක් තම පෙම්වතිය ගැන කරන සිතුවිල්ලක් ගැන ලියන ලද්දක්. ආදරය ගැන දැනෙන සංවේදනය අකුරු වලට පෙරලීම ඉතා අපහසු කටයුත්තක්. ආදරය ගැන ගීත බොහොමයක් රචනා කල නිලාර් එන්. කාසිම් ඒ සිතුවිලි සමුදාය වචනයට පෙරළුව අයුරුයි මේ.


"මේක අවුරුදු කීපයකට පෙර ආ ගීයක්‌. තීක්‍ෂණ ස්‌වාධීන ගායකයකු ලෙස ප්‍රේක්‍ෂකයන් අතරට ආ ගීය. මම මේ ගීය ලියලා ගායනයට තීක්‍ෂණ උචිතයි කියලා හිතුවා. තනු නිර්මාණය සඳහා කසුන්ට ගීය දුන්නේ ටෙලිෆොaන් එකෙන්. ඒත් කසුන් වැඩක නිරතව සිටි නිසා මම ගීයෙ පදපෙළ කියවද්දී කසුන්ගේ බිරිඳගේ පියා. ජයතිලක කම්මැල්ලවීර ප්‍රවීණ ලේඛකයා තමයි දුරකථනයේ අනෙක්‌ කෙළවර සිට මෙය ලියාගත්තේ.


ඒ දවස්‌වල තීක්‍ෂණයට හරියට වැඩ. ඒ නිසා සිංදුව හදලා ට්‍රැක්‌ එක රෙකෝඩ් කළත් ගායනයට කසුන්ට වේලාවක්‌ නැහැ. ඒත් දවසක්‌ පාන්දර ජාමෙක තීක්‍ෂණ ස්‌ටුඩියෝ එකට ඇවිත් ගීතය පටිගත කර තිබුණා. ගීයේ සමහර වචන පැහැදිලි නැති නිසා තීක්‍ෂණ වෙනත් වචන දාලා තමයි රෙකෝඩ් කරලා තිබුණේ. ඒත් ඒ ඔහු දැනුවත්ව වූ දෙයක්‌ නොවේ. ඒත් ගීය ඇහුවාම මට කේන්ති ගියා. මම තීක්‍ෂණට දොස්‌ කිව්වා."


ගීතය නිවැරදි කිරීමෙන් පසුව තීක්ෂණ විසින් ඔහුගේ "සඳ රේණු ගලන" ඇල්බමයට ගායනා කරනු ලැබුවා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page